Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාත්‍යන්තර මානූෂීය සහනාධාර ශ්‍රී ලංකාවට
    Featured

    ජාත්‍යන්තර මානූෂීය සහනාධාර ශ්‍රී ලංකාවට

    By LFNDecember 3, 2025No Comments4 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජීවිත සිය ගණනක් බිලිගනිමින්, රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් කළ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්ත්වයට ගොඩනැඟීම සඳහා විශාල වශයෙන් ජාත්‍යන්තර සහාය අඛණ්ඩව ලැබෙමින් පවතින අතර හදිසි සහන කණ්ඩායම් යෙදවීමටද පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    ආපදාවට පත් ජනතාව, ඔවුන්ගේ නිවාස, දේපළ සහ යටිතල පහසුකම් යළි ගොඩනැඟීම සඳහා වන වැඩපිළිවෙළ පුළුල් වන විට, ලොව පුරා රටවල් ඒ සඳහා සිය සහාය ප්‍රකාශ කර ඇති අතර, ඒ අතරින් මෙරට ප්‍රධාන මිත්‍ර රටවල් සෘජුව මැදිහත්ව සිටී.

    ලෝක නායකයෝ සහ ජාත්‍යන්තර සංවිධාන රැසක් පසුගිය දින කිහිපය තුළ ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගනිමින් සහ පණිවිඩ යොමු කරමින් මෙලෙස සිය ශෝකය සහ නැවත ගොඩනැගීම සඳහා සහාය පළ කළහ.

    ඉන්දියාව

    මෙම තත්වයට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා සහාය දීමට ඉන්දියාව කටයුතු කර තිබෙන අතර ඉන්දියානු අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය හෘදයාංගම ශෝකය පළ කළ අතර, ඉන්දියාව මෙම දුෂ්කර කාලයේදී ශ්‍රී ලංකාව සහ එහි ජනතාව සමඟ අඛණ්ඩව රැඳෙන බව සහතික විය.

    සහන සැපයීමට මෙන්ම, මුදාගැනීමේ සහ පුනරුත්ථාපන කටයුතු සඳහා ‘සාගර් බන්ධු’ මෙහෙයුම යටතේ අඛණ්ඩ සහාය ලබා දීමටත්, ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේදී අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමටත් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වී තිබේ.

    ඉන්දීය නාවික හා ගුවන් හමුදා යාත්‍රා සහ ගුවන් යානා කිහිපයක මගින් දැනටමත් හදිසි ආධාර ලබා දී ඇති අතර තවත් ආධාර සහ කණ්ඩාම් එවීමට නියමිතව ඇත.

    පකිස්තානය

    පකිස්ථානයද සිය සහාය පළ කරමින්, සිය නාවික හමුදාවේ PNS SAIF නෞකාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව හරහා ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍යාධාර සැපයු අතර මුදාගනීමේ නිලධාරීන් රැගත් ගුවන් යානයක් ඇතුළු තවත් ආධාර තොග ඉදිරි දිනවලදී මෙරටට එවීමට නියමිතය.

    අමෙරිකා එක්සත් ජනපදය

    ඇමරිකා එක්සත් ජනපදය ගං ඉවුරු සවිමත් කිරීම සහ ඉහළ යන ජල මට්ටම් පාලනය සඳහා පොලිසැක් (Polysacks) 20,000ක් මෙරටට ප්‍රදානය කළ අතර, විදුලිජනක යන්ත්‍ර, උදුන්, ජල බඳුන් සහ කූඩාරම් ආදිය ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් ලබා දීමට නියමිතය.

    අමතර සහන කණ්ඩායම් සහ ද්‍රව්‍ය රැගත් සී-130 ගුවන් යානා දෙකක් දෙසැම්බර් 04 වනදා මෙරටට පැමිණීමට නියමිතය.

    රුසියාව

    මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා සිය හෘදයාංගම ශෝකය පළ කරමින් මෙසේ සඳහන් කර තිබේ. “ඔබේ රටට බලපා ඇති ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිදුවී ඇති ජීවිත හා දේපළ හානි පිළිබඳව මාගේ හෘදයාංගම ශෝකය පිළිගන්න. මිය ගිය අයගේ පවුල්වලට සහ ආදරණීයයන්ට බලවත් සංවේගය මෙන්ම තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව දන්වන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි.”

    ඔස්ට්‍රේලියාව

    ආපදා තත්ත්වයට කඩිනම් ප්‍රතිචාර දැක්වීමට සහ යළි ගොඩනැඟීමට ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1ක මුදලක් ආධාර වශයෙන් ලබා දීමට පොරොන්දු විය.

    නේපාලය

    නේපාලයද, සහන සැලසීමේ කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් 200,000ක දායකත්වයක් දක්වන බව නිවේදනය කර ඇත.

    ජපානය

    ජපානය, JICA ආයතනය හරහා කූඩාරම් සහ පොරෝනා ඇතුළු හදිසි සහන ද්‍රව්‍ය ලබා දී ඇත. වෛද්‍ය අවශ්‍යතා තක්සේරු කිරීම සහ ජපන් ආපදා සහන කණ්ඩායමක් (JDR) යෙදවීමේ හැකියාව සොයා බැලීම සඳහා සිව්දෙනෙකුගෙන් යුත් හදිසි වෛද්‍ය කණ්ඩායමක් 2025 නොවැම්බර් 30 වන දින දිවයිනට පැමිණියහ. Ketamine, Diazepam,Midazolam ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ද ජපානය විසින් පරිත්‍යාග කර ඇත.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය

    ජාත්‍යන්තර සහයෝගීතාවයේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කරමින්, හදිසි සහන ද්‍රව්‍ය රැගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ගුවන් හමුදාවට අයත් C-17 Globemaster ගුවන් යානය අද පස්වරුවේ දිවයිනට ළඟා විය. එමිරේට්ස් සහන කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය හමූද් අල් අෆාරි (Dr. Hamood Al Afari) විසින් මෙම ආධාර නිල වශයෙන් භාර දෙන ලදී.

    එක් පවුලකට දින 10ක් සඳහා ප්‍රමාණවත් වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් 1,116ක් සහ බෝතල් කළ ජලය, කූඩාරම්, පොරෝනා, මෙට්ට, පිසින උපකරණ සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු සහන මලු 336ක් මෙම ආධාර තොගයට ඇතුළත් වේ. ඊයේ (01) දින එමීර් රාජ්‍යයෙන් පළමු ආධාර තොගය ලැබුණු අතර, මෙය ඔවුන් විසින් ලබා දුන් දෙවන මානුෂීය ආධාර තොගයයි.

    UNICEF සංවිධානය

    දරුණු ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කරමින්, බදුල්ල ප්‍රදේශයේ සහන මධ්‍යස්ථාන 25ක් සඳහා පානීය ජලය සැපයීමට UNICEF සංවිධානය සහාය ලබා දී ඇත.

    මාලදිවයින

    ව්‍යසනයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ප්‍රජාවට සිය සහාය ප්‍රකාශ කළ මාලදිවයිනද ඇමරිකානු ඩොලර් 50,000ක ආධාර ලබා දීමට සහ අවතැන් වූවන් වෙනුවෙන් ටූනා මාළු ටින් පෙට්ටි 25,000ක් පරිත්‍යාග කිරීමටද පොරොන්දු විය.

    මීට අමතරව, මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයන් දැනට ක්‍රියාත්මක යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් 33,000ක දායකත්වයක් ලබා දුන්හ.

    ස්විස්ටර්ලන්තය

    ජලය පිරිසිදු කිරීම, සනීපාරක්ෂාව සහ සෞඛ්‍යාරක්ෂිත කටයුතු සඳහා සහාය වීමට ස්විස්ටර්ලන්ත විශේෂ මුදා ගැනීමේ කණ්ඩායමක් දෙසැම්බර් 05 වන දින මෙරටට පැමිණීමට නියමිතය.

    චීනය, තුර්කිය, කියුබාව, බංග්ලාදේශය, යුරෝපා සංගමය, පලස්තීනය සහ නිකරගුවාව ඇතුළු තවත් රටවල් කිහිපයක් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් රැසක් මෙම ආපදා අවස්ථාවේදී සහ යළි ගොඩනැගීමේදී ශ්‍රී ලංකාව සමඟ රැඳෙන බවට ප්‍රතිඥා දෙමින් සිය සහයෝගය ප්‍රකාශ කර ඇත.

    තවත් බොහෝ රටවල් සහ ජාත්‍යන්තර ආයතන ලබා දීමට පොරොන්දු වූ ආධාර ඉදිරි දිනවලදී ලැබීමට නියමිතය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයද (UN) මුදාගැනීම්, හදිසි සහන සහ ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩසටහන් සඳහා මෙරට බලධාරීන් සමඟ ඉතා සමීපව කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටී.

    මෙම ජාතික හදිසි අවස්ථාවේදී සහාය ලබා දුන් සියලුම විදෙස් රටවල්, නියෝජිතායතන සහ සංවිධාන වෙත ශ්‍රී ලංකා රජය සිය බලවත් කෘතඥතාව පළ කරයි.

    ආපදාවට පත් වූවන්ගේ නිවාස, ජීවනෝපායන් සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේදී මෙම ජාත්‍යන්තර සහයෝගය ඉතා වැදගත් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.