Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්

    April 22, 2026

    සුරියා ලංකාවට

    April 22, 2026

    අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

    April 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදාවෙන් බිඳ වැටුණු සන්නිවේදන ජාලා සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම ගැන නිවේදනයක්
    Featured

    ආපදාවෙන් බිඳ වැටුණු සන්නිවේදන ජාලා සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම ගැන නිවේදනයක්

    By LFNDecember 3, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු මෙරට දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට (04) වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය.

    ඒ වෙනුවෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සහ විදුලි සන්නිවේදන සමාගම් සියල්ල මහත් පරිශ්‍රමයකින් කටයුතු කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඊයේ (02) මාධ්‍ය අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා,

    “නායයෑම් සහ ජල ගැලීම් නිසා ස්ථාන 11කින් පළාත් සබඳතා තිබෙන ෆයිබර් ජාලය විසන්ධි වී තිබුණා. ඉන් ස්ථාන 09ක් පැය 24ක් වැනි කාලයක් තුළ පිළිසකර කිරීමට අප අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීමෙන් කටයුතු කළා. මේ වන විට සියලු පළාත් සම්බන්ධ කරමින් විදුලි සංදේශ ක්‍රියාවලිය යාවත්කාලීන කර තිබෙනවා. එහිදී අතුරු ස්ථාන කිහිපයක හැරණු විට අනෙක් ස්ථානවල ෆයිබර් ජාලය හරහා සන්නිවේදන කටයුතු සිදු කෙරෙනවා.

    ජල ගැලීම් සහ නාය යාම් නිසා සිදු වූ විදුලි බිඳ වැටීම් හා ෆයිබර් සම්බන්ධතාව විසන්ධි වීම හේතුවෙන් ප්‍රධාන සම්ප්‍රේෂණ කුලුණු 4000කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාවිරහිත වී තිබුණා. මේ වන විට එයින් 2800ක් වැනි ප්‍රමාණයක් නැවත ක්‍රියාකාරී තත්ත්වයට පත් කර තිබෙනවා. ඉතිරි ප්‍රමාණයෙන් 949ක් අක්‍රීය වී තිබෙන්නේ විදුලිය විසන්ධි වීම නිසයි. ඒ අනුව ඉතිරි ස්ථාන සියල්ල නැවත සක්‍රීය තත්ත්වයට ගෙන ඒමට විදුලි සන්නිවේදන ආයතන ඉතා යුහුසුළුව කටයුතු කරමින් සිටිනවා.

    කඩිනමින් ටෙලිකොම් කුළුණු වෙත ගොස් ඒවාට අවශ්‍ය විදුලි පහසුකම් ලබා දීමට ත්‍රිවිධ හමුදාවේ උපරිම සහාය ලැබෙනවා. නොවැම්බර් 28 වනදා මේ ව්‍යසනය ඇති වූ සැනින් ජනතාවට දුරකථන ජාලා සම්බන්ධ කර ගත නොහැකි වුවත් SMS යැවීමේ පහසුකම ඇති කිරීමට අවශ්‍ය තාක්ෂණය අපි සූදානම් කළා. නමුත් 29 වන දින සෑහෙන ප්‍රමාණයක් ෆයිබර් සබඳතා සකස් කර ගැනීම නිසා එය අවශ්‍ය වුණේ නැහැ.

    දැනට ගැටලු පවතින්නේ නුවරඑළිය, බදුල්ල, පුත්තලම සහ වවුනියාව යන ප්‍රදේශවලයි. ඒ ප්‍රදේශවලින් නුවරඑළිය සහ නුවර සැලකිය යුතු මට්ටමේ ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා. නමුත් හෙට උදෑසන වන විට නුවරඑළිය, පුත්තලම යන දිස්ත්‍රීක්කවල 75%කට වඩා සබඳතාව සක්‍රීය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නුවර දැනට තිබෙන 65%ක් වැනි ප්‍රමාණය හෙට උදෑසන වන විට 70%ක් වැනි ප්‍රමාණයකට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

    තම නැදෑ හිත මිතුරන් සමග සබඳතා ඇති කර ගැනීම සහ ඔවුන්ගේ තොරතුරු දැන ගැනීම වෙනුවෙන් ජනතාවට සන්නිවේදනය අත්‍යාවශ්‍යයි. දැන් 80%ට වඩා වැඩි ප්‍රමාණයක් එය නිරාකණය කර තිබෙනවා. අනිද්දා දිනය වන විට එය 100%ක් දක්වා පිළිසකර කර ගැනීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්

    April 22, 2026

    අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

    April 22, 2026

    සාම පාගමන දඹුල්ලෙන් ආරම්භ වෙයි

    April 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්

    April 22, 202601 Views

    ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ Our Power – Our…

    සුරියා ලංකාවට

    April 22, 2026

    අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

    April 22, 2026

    ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

    April 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.