Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදේශීය පරිත්‍යාගශීලීන්ගේ භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක්
    Featured

    විදේශීය පරිත්‍යාගශීලීන්ගේ භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක්

    By LFNDecember 2, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට ලක්වූ ජනතාව වෙත ලබාදෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ තීරු බදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට රජය විසින් ක්‍රමවේදයක් සකස් කර තිබේ.

    ආපදාවට පත්වූ ජනතාව වෙත අත්‍යාවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල් සංවිධාන, පුද්ගලයින් මෙන්ම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් විසින් සිදුකර ඇති ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රමවේදය සකස් කර ඇති බව වාර්තා වේ.

    ඒ අනුව ඔවුන් මෙරටට එවනු ලබන භාණ්ඩමය ආධාර සියලු තීරුබදු ගාස්තුවලින් තොව කඩිනමින් නිශ්කාෂණය කර බෙදා හැරීම සඳහා පහසු ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර තිබේ.

    පරිත්‍යාග පිළිබඳ මාර්ගෝපදේශ සඳහා WWW.CUSTOMS.GOV.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ද එසේ පරිත්‍යාග කළ හැකි අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය වර්ග පිළිබඳ සවිස්තරාත්මක විස්තර WWW.DONATE.GOV.LK යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබාගත හැකිය.

    මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ශ්‍රී – බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

    එම අරමුදල ජනාධිපති ලේකම් කාර්ලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිත අතර එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විතය.

    කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එම කමිටුවේ සභාපතිත්වය දරණ අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී අපොන්සු මහතා කමිටුවේ කැඳවුම් ලෙස කටයුතු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202608 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.