Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සජිත් තානාපතිවරුන්ගෙන් ආධාර ඉල්ලයි

    December 2, 2025

    චීනවරාය පොලිස් වසමේ වෙඩිතැබීමක්

    December 2, 2025

    මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්

    December 2, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදේශීය පරිත්‍යාගශීලීන්ගේ භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක්
    Featured

    විදේශීය පරිත්‍යාගශීලීන්ගේ භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක්

    By LFNDecember 2, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට ලක්වූ ජනතාව වෙත ලබාදෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ තීරු බදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට රජය විසින් ක්‍රමවේදයක් සකස් කර තිබේ.

    ආපදාවට පත්වූ ජනතාව වෙත අත්‍යාවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල් සංවිධාන, පුද්ගලයින් මෙන්ම විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් විසින් සිදුකර ඇති ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රමවේදය සකස් කර ඇති බව වාර්තා වේ.

    ඒ අනුව ඔවුන් මෙරටට එවනු ලබන භාණ්ඩමය ආධාර සියලු තීරුබදු ගාස්තුවලින් තොව කඩිනමින් නිශ්කාෂණය කර බෙදා හැරීම සඳහා පහසු ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර තිබේ.

    පරිත්‍යාග පිළිබඳ මාර්ගෝපදේශ සඳහා WWW.CUSTOMS.GOV.LK වෙබ් අඩවියට පිවිසීමෙන් ද එසේ පරිත්‍යාග කළ හැකි අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය වර්ග පිළිබඳ සවිස්තරාත්මක විස්තර WWW.DONATE.GOV.LK යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබාගත හැකිය.

    මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ශ්‍රී – බිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

    එම අරමුදල ජනාධිපති ලේකම් කාර්ලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස පිහිටුවීමට නියමිත අතර එහි කළමනාකරණ කමිටුව රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විතය.

    කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එම කමිටුවේ සභාපතිත්වය දරණ අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී අපොන්සු මහතා කමිටුවේ කැඳවුම් ලෙස කටයුතු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජිත් තානාපතිවරුන්ගෙන් ආධාර ඉල්ලයි

    December 2, 2025

    චීනවරාය පොලිස් වසමේ වෙඩිතැබීමක්

    December 2, 2025

    මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්

    December 2, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,570 Views
    Don't Miss

    සජිත් තානාපතිවරුන්ගෙන් ආධාර ඉල්ලයි

    December 2, 20250118 Views

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජපාන, කොරියානු සහ යුරෝපා සංගම් තානිපතිවරුන් හමුවී ආපදා තත්ත්වයෙන්…

    චීනවරාය පොලිස් වසමේ වෙඩිතැබීමක්

    December 2, 2025

    මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්

    December 2, 2025

    විදේශීය පරිත්‍යාගශීලීන්ගේ භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක්

    December 2, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.