Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනවශ්‍ය ලෙස භාණ්ඩ තොග රැස් කරන්න එපා

    December 1, 2025

    රනිල් හදිසියේ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

    December 1, 2025

    චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    December 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදාවන්ට පිහිට වෙන්න දළදා මාලිගාව ප්‍රමුඛත්වයෙන් සමාජ සුබසාධන අරමුදලක්
    Featured

    ආපදාවන්ට පිහිට වෙන්න දළදා මාලිගාව ප්‍රමුඛත්වයෙන් සමාජ සුබසාධන අරමුදලක්

    By LFNDecember 1, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආපදාවන්ට ලක් වූ ජනතාවට පිහිටවීම සඳහා ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු අස්ගිරි උභය මහාවිහාරීය ප්‍රධානත්වයෙන් රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කරමින් සමාජ සුබසාධන අරමුදල නමින් ගිණුමක් ආරම්භ කළබව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.

    අද (01) මහනුරව පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ මෙම ගිණුම ආරම්භ කළ බවය.

    දායකත්වය දැක්විය හැකි පිරිසට මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ 003 – 2001-0010 2599 අංකය දරණ ගිණුමට මුදල් බැර කරමින් තමන්ගේ දායකත්වයට දැක්විය හැකි අතර විදෙස් ගතව සිටින පිරිසට ද SWIFT code – PSBKLKIX හරහා සිය මුදල් පරිත්‍යාග කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    “මල්වතු අස්ගිරි උභය මහාවිහාරයත් දළදා මාලිගාවත් එකතුවෙලා සමාජ සුබසාධන අරමුදලක් රුපියල් කෝටි දෙකක මුදලක් පරිත්‍යාග කරලා ගිණුමක් ආරම්භ කලා. මෙම ව්‍යවසනයට මුහුණ දුන් ජනතාවට කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව පිහිට වීම සඳහා. නිවාස අහිම වූ අය සඳහාත් යම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තීරණය කර ගත්තා.”

    “ඒ සඳහා මහජන බැංකුවේ මහනුවර ශාඛාවේ ගිණුමක් ආරම්භ කළා සමාජ සුබසාධන අරමුදල නමින්. 003 – 2001-0010 2599 ගිණුම් අංකයත් ජාත්‍යන්තර ගනුදෙනු සඳහා SWIFT code – PSBKLKIX කෝඩ් එක පාවිච්චි කරමින් අපි මේ අරමුදල ආරම්භ කරලා තියෙනවා.”

    “අපි මේ අරමුදල ඇති කරලා තියෙන්නේ විනිවිදභාවයක් ඇතිව. ජාත්‍යන්තර විගණන සමාගමක විගණනයට අපි මේ අරමුදල විගණනයට භාජනය කරන්න අපි කටයුතු කරලා තියෙනවා. මෙහි විනිවිදභාවයත් අපි ස්ථිර කරලා තියෙන්නේ. මුළු දිවයිනම ආවරණය වන පරිදි මේ ප්‍රජා සත්කාරය සිදුකරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනවශ්‍ය ලෙස භාණ්ඩ තොග රැස් කරන්න එපා

    December 1, 2025

    රනිල් හදිසියේ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

    December 1, 2025

    චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    December 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,569 Views
    Don't Miss

    අනවශ්‍ය ලෙස භාණ්ඩ තොග රැස් කරන්න එපා

    December 1, 20250119 Views

    ඇති වී තිබෙන ආපදා තත්ත්වය නිසා ජනතාව විසින් භාණ්ඩ විශාල ලෙස එක් රැස් කරමින් සිටින…

    රනිල් හදිසියේ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

    December 1, 2025

    චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    December 1, 2025

    පරීක්ෂා කර ආරක්ෂාව තහවුරු කරනතුරු නිවෙස්වලට යන්න එපා

    December 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.