Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම් තවමත් අවදානම් තත්ත්වයක
    Featured

    කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම් තවමත් අවදානම් තත්ත්වයක

    By LFNNovember 30, 2025No Comments3 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැලණි ගඟ ආශ්‍රිතව පහත්බිම්වල වෙසෙන ජනතාව තවදුරටත් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබේ.

    වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා ආපදා කළමණාකරණ එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ කොළඹ ආසන්නයේ පහත්බිම් ආශ්‍රිතව මෙන්ම කැලණිය, බියගම ආදී බොහෝ ප්‍රදේශවල ජනතාව තවදුරටත් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කළ යුතු බවය.

    “මේ වන විට හංවැල්ල ප්‍රදේශයේ ජල මට්ටම 10.8 දක්වා උපරිමයකට ඇවිත් තියෙනවා. අපේ නිරීක්ෂණ අනුව බොහෝ දුරට 10.88 අගය හංවැල්ල ජල මට්ටමේ උපරිම අගය වීමට ඉඩ තිබෙනවා. නාගලගම්වීදියේ ජල මට්ටම ආසන්නම අඩි 7 දක්වා පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් අපිට පෙනෙන්නට තියෙන්නේ කැලණි ගඟේ ජල මට්ටම් ඉහළ සිට පහළට යද්දි හංවැල්ල ජල මට්ටම උපරිම අගයකට පැමිණීමත් සමගම ඒ අතර ප්‍රදේශයේ ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකියි. විශේෂයෙන්ම හංවැල්ල ප්‍රදේශවල ජලය විහිදී ඇති ප්‍රදේශවලටත්, ඒ ආශ්‍රිත ජලය විහිදී ඇති ප්‍රදේශ මෙන්ම පහත්බිම් තවදුරටත් ගංවතුර තත්ත්වය පැවතීමටත් ඒ ප්‍රදේශවල ඉන්න අයට තවදුරටත් අඩියක හෝ ජල මට්ටමක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. මේ තත්ත්වය නිසා කොළඹ ආසන්නයේ ප්‍රදේශවලත්, කැලණිය, බියගම ආදී බොහෝ ප්‍රදේශවලටත් ජලය ඇතුල් වී තිබෙන බව අපිට වාර්තා වී තිබෙනවා. ඒ නිසා එම ප්‍රදේශවල ඉන්න අය තවදුරටත් සැලකිල්ලෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා. මොකද කැලණි ගඟ ආසන්නයේ ජල මට්ටම් මේ වන විටත් ඉහළ යාමට ඉඩ කඩ තියෙනවා.”

    එමෙන්ම අත්නගලු ඔය ආශ්‍රිතව ජල මට්ටම් තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක පවතින බැවින් ඊට පහළ ප්‍රදේශ ආශ්‍රිත ජනතාව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

    තවද මාවිල්ආරු ගංවතුර වේලි කැඩී යාමේ අවදානමක් සම්බන්ධව වාර්තා පළ වුවත් එය පරීක්ෂා කිරීමට පවා එම ස්ථානය යාමට නොහැකි මට්ටමේ ඉහළ ජල මට්ටමක් පවතින බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ ඒ ආශ්‍රිත ප්‍රදේශ වෙතද තවදුරටත් ජල මට්ටම් ඉහළ යමින් පවතින බැවින් ඒ සම්බන්ධව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බවය.

    “දූනමලේ අපගේ ජල මාපකවල ජල මට්ටම් තවදුරටත් මහ ගංවතුරක පවතින බැවින් ඊට පහළ ප්‍රදේශවන ගම්පහ, ජාඇල, වත්තල, කඳාන වැනි ප්‍රදේශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකියි එ නිසා ඒ ප්‍රදේශවල සහ පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා. ඒ වගේම මහඔය ජලාශයේ ගංවතුර තවමත් අධි ගංවතුර තත්ත්වයක පවතින්නේ මේ නිසා මේ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ තවදුරටත් ගංවතුර තත්ත්වයන් වැඩි වීමේ හැකියාවක් තිබෙනවා.

    මහවැලි ගඟේ ඉහළ සිට පැමිණි ජලය ඒ ආශ්‍රිත පහත්බිම් ආශ්‍රිතව විසිරී පැවතුනත් ඉන් පහළ ත්‍රිකුණාමලය දක්වා යන මාවිල්ආරු, කින්යා, මුත්තූර් වැනි ප්‍රදේශවලට ජලය ඇතුල්වී විහිදෙමින් පවතිනවා. ඒ නිසා එම ප්‍රදේශවල තවදුරටත් ජල මට්ටම් ඉහළයාමේ අවදානමක් තියෙන බවත් ඒක සැලකිය යුතු උසක් දක්වා වර්ධනය වීමේ හැකියාවකුත් තියෙනවා. විශේෂයෙන්ම කතා බහට ලක්වෙනවා මාවිල්ආරු ගංවතුර වේලි කඩාගෙන යාමක් සම්බන්ධයෙන්. ගංවතුර වේලි කඩාගෙන යාම පරීක්ෂා කිරීම ඉතා ඉහළ ජල මට්ටමක් පවතින නිසා නොහැකි වී තිබෙනවා. මෙම වේලි කඩන් ගියත් නැතත් ‍මේ වන විට ගංවතුර එම ප්‍රදේශවල විහිදී තියෙන්නේ. එම නිසා කින්නියා, මුත්තූර්, සූරියපුර වැනි ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ යමින් පවතිනවා.

    එමෙන්ම බොහෝ ඉහළ ගංගා දෝණිවල ජල මට්ටම් අඩුවෙමින් පැවතියත් ගියත් පහළ ද්‍රෝණි තවමත් බැස ගිහින් නෑ ඒ වගේම ජල මට්ටම් අඩුවූ ස්ථානවල පවා මේ වන විට අනතුරුදායක මට්ටමක තියෙන්නේ ඒ නිසා ජල මට්ටම් අඩුවීමේදී ඇතිවන අනතුරු ජල මට්ටම් වැඩිවීමේදී සිදුවන අනතුරුවලට සමානයි ඒ නිසා මෙම ජල මට්ටම් අඩුවීම නිසා එහි ක්‍රීඩා කිරීම හෝ වෙනත් ක්‍රියාමාර්ගවලට යොමුවීම, මේවා බලන්න යාම, යටවූ මාර්ග ස්ථාන භාවිත කිරීම ඉතාමත්ම අනතුරුදායකයි මොකද මේ තුළ නොපෙනන හානි විශාල වශයෙන් සිදුවී තිබිය හැකියි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202608 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.