Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගංවතුරින් ජල සම්පාදන මණ්ඩලයේ ජල මූලාශ සහ පිරිපහදු ස්ථාන රැසක් ජලයෙන් යටවෙයි
    Featured

    ගංවතුරින් ජල සම්පාදන මණ්ඩලයේ ජල මූලාශ සහ පිරිපහදු ස්ථාන රැසක් ජලයෙන් යටවෙයි

    By LFNNovember 29, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් ජාතික ජල සම්පාදන මණ්ඩලය සතුව ඇති ජල මූලාශ සහ ජල පිරිපහදු මධ්‍යස්ථාන රැසක් ජලයෙන් යටවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසුවේ ජල මූලාශ ගංවතුරින් යටවීම හේතුවෙන් එහි පොම්ප ක්‍රියාත්මක කිරීමටද මේ වන විට නොහැකි වී ඇති බවය.

    එමෙන්ම බොහෝ ස්ථානවල ඇති ජලය පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානද ජලයෙන් යටවී ඇතැයිද මේ හේතුවෙන් ජල පොම්පාගාර සහ ජලය පවිත්‍ර කිරීමේ පවිත්‍රාගාරද නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයිද ඒ මහතා පැවසීය.

    මහනුවර දිස්ත්‍රික්කයේ ජල පොම්පාගාර සහ ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇතැයිද මෙය යථා තත්ත්වයට පත් කර ගැනීමට යම් කාලයක් ගත වනු ඇතැයිද පැවසූ සභාපතිවරයා සඳහන් කළේ මීට අමතරව කෑගල්ල, මාවනැල්ල, ප්‍රදේශවලද ජල සැපයුමට මේ වන විට බාධා මතුව ඇති බවය.

    මීට අමතරව උතුරු මැද පළාත, සබරගමුව, ඌව, ප්‍රදේශවල පිහිටි ජල පොම්පාගාර මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

    කෙසේ නමුත් බස්නාහිර පළාත තුළ ජල සැපයුමට මෙතෙක් බාධාවක් මතු වී නැතත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන විසින් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ නගිමින් පවතින බවට අනතුරු අඟවා ඇතැයිද යම් හෙයකින් අඩි 7කින් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගියහොත් අඹතලේ ජල පවිත්‍රාගාරය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමේ ගැටළු මතුවන බවත් ඒ මහතා සඳහන් කළේය.

    එසේ වුවහොත් කොළඹ නගරයට ජලය සැපයීමේ බාධාවන් මතුවන බවත් කෙසේ හෝ මෙම තත්ත්වය මැඩපවත්වා ගැනීම සඳහා උත්සාහ කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202608 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.