Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඔත්තේ රියදුරුට ඉරට්ටේ දවසේ තෙල් දෙන්න බෑ කියපු පොම්පකරුට කනේ පහරක්

    April 22, 2026

    සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක් අල්ලස් දැලේ

    April 22, 2026

    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණයට

    April 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»‘දිට්වා’ ප්‍රචණ්ඩ වෙයි – පැය 48කින් ඉන්දියාවට
    Featured

    ‘දිට්වා’ ප්‍රචණ්ඩ වෙයි – පැය 48කින් ඉන්දියාවට

    By LFNNovember 28, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව ඉදිරි පැය 48ක කාලය තුළ තමිල්නාඩුවෙන් ඉන්දියාවට ඇතුළුවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.

    මේ හේතුවෙන් තමිල්නාඩුව ආශ්‍රිත වරායන්වලට අවවාදාත්මක නිවේදන මේ වනවිට නිකුත්කර තිබේ.

    ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් ‘දිට්වා’ මේ වනවිට ඉන්දියාවේ පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් අතර කොරොමැන්ඩල් වෙරළ තීරය දෙසට ගමන් කරමින් පවතින බව සඳහන්.

    මේ හේතුවෙන් ඩෙල්ටා දිස්ත්‍රික්කයට මෙන්ම තමිල්නාඩුවේ කඩලූර් සහ විල්ලුපුරම් දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

    ඊයේ (27) පස්වරුව වනවිට ‘දිට්වා’ සුළි කුණාටුව මඩකලපුවට කිලෝමීටර් 60ක් දුරින් ගමන්කරමින් තිබුණි.

    මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද නිවේදනය කර සිටියේ, මෑත ඉතිහාසයේ දිවයිනට ඇඳහැලෙන වැඩිම වර්ෂාපතනය ඉදිරි පැය කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බවය.

    ගතවූ පැය 24ක කාලය තුළ පුද්ගල මරණ 37ක් වාර්තා වූ අතර, නොවැම්බර් 17 වැනිදා සිට මේ දක්වා මිය ගිය එම ගණන 47ක්ය.

    කෙසේ නමුත් ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන්ව සිටී.

    ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනයවීමත් සමග ප්‍රධාන ගංගා ද්‍රෝණි රැසක පහත්බිම්වලට අධි අවදානම් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත්කිරීමට වාර්මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

    මේ වනවිට දිස්ත්‍රික්ක 07ක ප්‍රදේශීය ලේකම් ‍කොට්ඨාස 58කට නායයෑම් සම්බන්ධයෙන් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඔත්තේ රියදුරුට ඉරට්ටේ දවසේ තෙල් දෙන්න බෑ කියපු පොම්පකරුට කනේ පහරක්

    April 22, 2026

    සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක් අල්ලස් දැලේ

    April 22, 2026

    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණයට

    April 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    ඔත්තේ රියදුරුට ඉරට්ටේ දවසේ තෙල් දෙන්න බෑ කියපු පොම්පකරුට කනේ පහරක්

    April 22, 202604 Views

    කැස්බෑව – බණ්ඩාරගම මාර්ගයේ ඉන්ධන හලකට පැමිණි මෝටර් රථයකට ඉන්ධන ලබා නොදුන්නැයි උරණවී එහි පොම්පකරුට…

    සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක් අල්ලස් දැලේ

    April 22, 2026

    රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණයට

    April 22, 2026

    යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්

    April 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.