Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උසස් පෙළ විභාගය සෙනසුරාදාත් අවලංගුයි – විකල්ප දින මෙන්න

    November 27, 2025

    ආපදා මරණ 31 දක්වා ඉහළට

    November 27, 2025

    වලපනේ නායයෑමකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

    November 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උතුරු මැද හා වයඹ පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට මි.මී 200 ඉක්මවූ වැසි
    Featured

    උතුරු මැද හා වයඹ පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට මි.මී 200 ඉක්මවූ වැසි

    By LFNNovember 27, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210kmක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇත.

    එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස ද ඉල්ලා සිටී.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මි.මී.200 ට වැඩි සහ උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැක.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 60-70ක පමණ ඉතා තද සුළං ඇති වේ.

    තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදා මරණ 31 දක්වා ඉහළට

    November 27, 2025

    වලපනේ නායයෑමකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

    November 27, 2025

    පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය නතර කරයි

    November 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,404 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,356 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,567 Views
    Don't Miss

    උසස් පෙළ විභාගය සෙනසුරාදාත් අවලංගුයි – විකල්ප දින මෙන්න

    November 27, 20250113 Views

    සෙරසුරාද දිනයේද (29) අපොස උසස් පෙළ විභාගය නොපවැත්වෙන බව දැනුම් දී තිබේ. ඒ අනුව, අද…

    ආපදා මරණ 31 දක්වා ඉහළට

    November 27, 2025

    වලපනේ නායයෑමකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට

    November 27, 2025

    පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය නතර කරයි

    November 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.