Close Menu
Lanka Focus News
    What's Hot

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දැදුරු ඔය සහ කුඹුක්කන් ඔය පහළ ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක්
    Featured

    දැදුරු ඔය සහ කුඹුක්කන් ඔය පහළ ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක්

    By LFNNovember 27, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින වර්ෂාපතනයත් සමඟ දැදුරුඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, දැදුරුඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රසනායකපුර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවලට අයත් ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය වර්ධනය වෙමින් පවතින බවය.

    මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

    කුඹුක්කන්ඔය ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ මොනරාගල සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල ගම්මාන කිහිපයක පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    නක්කල, කුඹුක්කන, මාදුරුකැටිය, ඔක්කම්පිටිය හා ගාමිණිපුර යන ග්‍රාම නිලධාරී කොට්ඨාශවලට මෙම අවදානම පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    නිල්වලා ගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය ද තවදුරටත් වර්ධනය වීමේ අවදානම පවතින බව සඳහන්ය.

    මේ අතර කැලණිගඟ ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කැලණි ගං නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    බදුලු ඔය උප ද්‍රෝණියේ බදුල්ල සහ සෙනරත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් බදුලුඔය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ හැකියාව ද පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    මේ අතර මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගගවටකෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල සහ මහනුවර – ගන්නෝරුව මාර්ගයේ ද ගංවතුර තත්ත්වයක් ඇති වීමේ හැකියාව පවතී.

    ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    මහඔය ද්‍රෝණියේ ද ජල මට්ටම ඉහළ යාමත් සමඟ අලව්ව- දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ හැකියාව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    කලාඔය ද්‍රෝණියේ පිහිටි රාජංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ හැකියාව පවතින බව වාර්තා වේ.

    මේ අතර නායයෑමට ලක්වූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් යළි දැනුම්දෙනතුරු තාවකාලිව වසා දැමීමට පියවර ගෙන තිබේ.

    ඊයේ (26) රාත්‍රී එම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජානක හඳුන්පතිරාජ මහතා පැවසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 202604 Views

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (25) වීථි සංචාරය කිරීමට…

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.