Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති සමග සාකච්ඡාවෙන් පසු GMOA ගත් තීරණය
    Featured

    ජනපති සමග සාකච්ඡාවෙන් පසු GMOA ගත් තීරණය

    By LFNNovember 17, 2025No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි විධායක සහ මධ්‍යම කාරක සභාවක් කැඳවීමට නියමිත බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කරන බව එම සංගමය පවසයි.

    ජනාධිපතිවරයා සමග අද (17) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මේ බව පැවසීය.

    ඒ අනුව රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය විසින් සිදුකළ යෝජනා සම්බන්ධව ජනාධිපතිවරයා අවධානය යොමු කළ බවත් එම යෝජනා සම්බන්ධව ඉදිරියේදී සාකච්ඡා කිරීමටත් එම යෝජනා සම්බන්ධව සාධනීය විසඳුම් ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවධානය යොමු කරන බව සිය සංගමය වෙත දැන්වූ බවත් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මෙහිදී පැවසීය.

    “අපි ජනාධිපතිතුමාව දැනුවත් කළා.. එතුමා පොරොන්දු වුණා මේ අයවැය යෝජනාවලිය පාදක කරගෙන සෞඛ්‍ය පද්ධතිය හෙට දවසට පවත්වාගෙන යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට ඒ සිදුකරන ලද යෝජනාවලියේදී විශේෂයෙන්ම වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු රට තුළ රඳවා ගන්න අපි විශේෂයෙන්ම ඉල්ලීම් කරලා තියෙනවා. ඉතිං මේ යෝජනා සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා කරන්නත් ඒ සාධනීය විසඳුම් ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් අධ්‍යනය කරන බවටත් එතුමා පොරොන්දු වුණා…

    අපි අද හදිසි විධායක සභාවක් රැස්වෙනවා. ඉදිරියේදී හදිසි මධ්‍යම කාරක සභාවක් රැස්වීමට නියමිතයි. හදිසි විධායක සභාවත් හදිසි මධ්‍යම කාරක සභාවේදීත් මේ සම්බන්ධව සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීන්දු තීරණ ගන්නට නියමිතයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.