Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදෙස් කත ඉදිරියේ නාඩගම් නැටූ පුද්ගලයා අල්ලයි
    Featured

    විදෙස් කත ඉදිරියේ නාඩගම් නැටූ පුද්ගලයා අල්ලයි

    By LFNNovember 17, 2025No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තිරුක්කෝවිල් ප්‍රදේශයේදී විදේශික තරුණියක්ව ලිංගික හිංසනයට ලක්කිරීමේ චෝදනාවකට අදාළ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    තිරුක්කොවිල් පොලීසියේ ස්ථානාධිපති සහ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (16) දිනයේ කල්මුණේ මරඳමඩු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සොදිසි මෙහෙයුමකදී සැකකරුව මෙලෙස අත්අඩගංගුවට ගෙන ඇත.

    සැකකරු 25 හැවිරිදි එක්දරු පියෙකි.

    ඔහු සහ බිරිඳ තිරික්කෝවිල් අවට ප්‍රදේශවල කුලී පදනම මත නිවාස කිහිපයක පදංචිව සිට ඇත.

    මාධ්‍ය හරහා අදාළ වීඩියෝ පටය සහ ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් වීමත් සමග මෙම සැකකරු තිරුක්කෝවිල් ප්‍රදේශයේ කඩල වෙළෙන්ඳෙකු බවට සමාජ මාධ්‍ය හරහා පොස්ටුවක් සංසරණය වී තිබේ.

    ඒ අනුව තිරුක්කොවිල් පොලීසියේ ස්ථානාධිපති සහ පොලිස් නිලධාරීන් කණ්ඩායම විමර්ශන සිදුකර ඇත.

    පසුව ලැබුණු තොරතුරු මත ඔහු පදිංචිව සිටි ස්ථාන කිහිපයකට ගොස් තිබේ.

    එහිදී එක් ස්ථානයකදී සැකකරුගේ සහ ඔහුගේ බිරිඳගේ ජාතික හැඳුනුම්පත් වල ඡායාපිටපත් හමුව ඇත.

    ඒ අනුව බිරිඳගේ නිවසට ගිය පොලිස් කණ්ඩායමට අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු දින තුනකට පෙර ඔහු සිටි ස්ථානයෙන් පලා ගොස් ඇති බවය.

    ඒ අනුව ඔහු ගැවසිය හැකි ස්ථාන පිලිබඳ සිදුකළ සොදිසි කිරීමකදී සැකකරුව කල්මුණේ මරඳමුණේ ප්‍රදේශයේ දී අද පස්වරුවේ මෙලස අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ වන විට ඔහු හිස බූ ගා සිය පෙනුම වෙනස්කර ගෙන සිටි බව පොලීසිය පවසයි.

    වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු පොතුවිල් පොලීසිය භාර දී තිබේ.

    ප්‍රකට සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට ලොව පුරා ඉහළ ආකර්ෂණයක් හිමිවීම කෙරෙහි, අප සතු සුන්දර පරිසර පද්ධතිය, මෙන්ම මෙරට ජනතාව සතු ආගන්තුක සත්කාරයද හේතුවී ඇති බව නොරහසකි.

    නමුත් ඇතැම් නොහික්මුණු පුද්ගලයන් හේතුවෙන් විදේශීය සංචාරකයින්ට මෙරටදී අපහසුතාවන්ට මුහුණපාන්නට සිදුවන අවස්ථාද බොහෝය.

    එවන් සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවති.

    එහි දැක්වෙන්නේ ත්‍රිරෝද රථයක් පදවාගෙන යන විදේශීය කාන්තාවකට පුද්ගලයෙකු සිය ලිංගික අවයව පෙන්වන ආකාරයයි.

    මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පසුබිමක, එම සිදුවීමට මුහුණ පෑ 24 හැවිරිදි නවසීලන්ත ජාතික කාන්තාව පසුගිය (15) පස්වරුවේ සංචාරක පොලිස් කොට්ඨාසයට විද්‍යුත් තැපෑල ඔස්සේ පැමිණිල්ලක් සිදුකර තිබේ.

    ඒ අනුව සැකකරු සොයා තිරුක්කෝවිල් පොලීසිය හා පොතුවිල් පොලීසිය සමග එක්ව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

    විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි අදාළ නවසීලන්ත ජාතික තරුණිය ඔක්තෝබර් 25 වනදා ආරුගම්බේ ප්‍රදේශයේ සිට පාසිකුඩා දක්වා ත්‍රි රෝද රථයකින් ගමන් කරන අතරතුර තිරුක්කෝවිල් ප්‍රදේශයේදී මෙම පුද්ගලයා මුණගැසී කතාබහ කර ඇති බවය.

    අදාළ පුද්ගලයා මෙම අශෝභන ක්‍රියාව සිදුකර ඇත්තේ ඒ අතරවාරයේදීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.