Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ දෙකකදී දියේ ගිලීමෙන් මරණ දෙකක් – තවත් අයෙක් අතුරුදන්
    Featured

    ප්‍රදේශ දෙකකදී දියේ ගිලීමෙන් මරණ දෙකක් – තවත් අයෙක් අතුරුදන්

    By LFNNovember 17, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක දියේ ගිලීමෙන් මරණ කිහිපයකක් වාර්තා වූ බව පොලීසිය පවසයි.

    පොලීසිය පැවසුවේ මෙම මරණ ඊයේ (16) දිනයේදී සිදුව ඇති බවය.

    ඒ අනුව ඊයේ සවස් කාලයේදී හලාවත පොලිස් වසමේ හලාවත මුහුදු තීරයේ සිටි කාන්තාවක් හා වයස අවුරුදු 8ක දරුවෙකු රළ පහරකට හසුවී දියඹට ගසාගෙන ගොස් තිබේ.

    එහිදී ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගෙන හලාවත රෝහළට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර පසුව කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත.

    මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 61ක් වූ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    එමෙන්ම ඊයේ සවස් කාලයේදී කොළඹ කොටුව පොලිස් වසමේදී ගාලු මුවදොර මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුද දියේ ගිලී තිබේ.

    ඒ අනුව කොටුව පොලීසිය මගින් නාවික හමුදාව දැනුවත් කර දියේ ගිලුණු පුද්ගලයින් දෙදෙනා බේරාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 19ක් වූ ආගරපතන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    එමෙන්ම සවස් කාලයේදී එගොඩඋයන පොලිස් වසමේ එගොඩඋයන මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට එගොඩඋයන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

    මෙලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 17ක් වූ කටුකුරුන්ද, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අතුරුදන්වූ පුද්ගලයා තවත් මිතුරන් දෙදෙනෙකු සමග ඉහත ස්ථානයේ දිය නෑමට ගොස් සිටියදී තිදෙනාම මුහුදු රළකට හසුවී ගසාගෙන ගොස් ඇත.

    පසුව ප්‍රදේශවාසීන් විසින් ඉන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර එක් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

    අතුරුදන්වූ පුද්ගලයා සොයා එගොඩඋයන පොලීසිය තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.