ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු ඝාතනයට ලක්ව තිබේ.
ඊයේ රාත්‍රී ටෙල්අවිව් ජෆා ප්‍රදේශයේ වෙරළ තීරයක දී තියුණු ආයුධයකින් පහරදී අදාළ ශ්‍රී ලාංකිකයා ඝාතනය කර ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.
ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල, බටපොල ප්‍රදේශයේ සිට ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාවක් සඳහා මීට මාස දෙකකට පමණ පෙර පැමිණි 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු බව සඳහන් වේ.
අප්‍රිකානු සම්බවයක් සහිත පුද්ගලයෙකු සමඟ ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් ඔහු විසින් අදාළ ශ්‍රී ලාංකිකයා ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව නිමල් බණ්ඩාර මහතා පැවසීය.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එරට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
කෙසේවෙතත් මෙය පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදු වූ ඝාතනයක් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
