Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහ කන්නයේ පොහොර සහනාධාරය ගැන දැනුම්දීමක්
    Featured

    මහ කන්නයේ පොහොර සහනාධාරය ගැන දැනුම්දීමක්

    By LFNNovember 13, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොහොර සනාධාරය නොලැබීමට හෝ ප්‍රමාද වීමට කිසිදු හේතුවක් නොමැති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි.

    ඔහු පවසන්නේ පොහොර සහනාධාරය ලබාදීම සදහා ප්‍රමාණවත් මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව පවතින බවය.

    මහ කන්නයේ පොහොර සහනාධාර වැඩසටහන පසුගිය 30වැනිදා ආරම්භ කළ බවත් ඒ යටතේ එක් වී වගාකරුවෙකුට රුපියල් 25,000ක මූල්‍ය සහනාධාරයක් ලබා දීම සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    මෙම සහනාධාරය වාරික දෙකක් වශයෙන් ලබා දීමට කටයුතු කරන බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියේය.

    එමෙන්ම එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ කන්න රැස්වීම පවත්වා ගොවීන්ගේ නාම ලේඛනය පිළියෙළ කර ගොවිජන සේවා මධ්‍යස්ථානයට වාර්තා කළ වහාම පළවෙනි වාරිකය වශයෙන් රුපියල් 15,000ක මුදලක් ලබා දෙන බවය.

    දෙවන වාරිකය වශයෙන් ඇති ඉතිරි රුපියල් 10,000ක මුදල භූමියේ වී වගාව ආරම්භ කළ බව තහවුරු කළ විට ලබා දෙන බව ද එහිදී ඔහු පැවසීය.

    ගෝවීන් ලක්ෂ 14කට පමණ එනම් කුඹුරු ඉඩම් හෙක්ටයාර ලක්ෂ 8කට පමණ මෙම සහනාධාර වැඩසටහන යටතේ ආධාර ලබා දීමට බලාපොරොත්තුව වන බවද ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

    ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ රජය විසින් මේ සඳහා රුපියල් මිලියන 20,000ක මුදලක් වෙන් කර ඇති බවය.

    පොහොර සනාධාරය ලබාදීමේ වැඩපිළිවෙල යටතේ මේ දක්වා කාලය තුළ ගොවීන් 211,974 දෙනෙකු සදහා රුපියල් මිලියන 1976ක මුදලක් ලබා දී ඇති බව ද ධම්මික රණතුංග මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 202505 Views

    අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත්…

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.