වෛද්‍යවරුන්ගේ ගැටලුවලට අයවැයෙන් විසඳුම් ලබා නොදීම හේතුවෙන් නොවැම්බර් 17 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (11) නිවේදනය කළේය.
ඒ ඊයේ රැස්වූ එහි මධ්‍යම කාරක සභාවේදී ගනු ලැබූ තීරණයකට අනුවය.
ඒ අනුව සෞඛ්‍ය සායනවලදී රෝහල්වලට පිටතිත් ඖෂධ ගැනීම සඳහා ඖෂධ වට්ටෝරු නිකුත් නොකිරීමටද තීරණය කර තිබේ.
මේ අතර මෙවර අයවැයෙන් බලාපොරොත්තු වූ පරිදි සිය ගැටලුවලට ස්ථිර විසඳුම් නොලැබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා සියලුම විශේෂඥ වෛද්‍යවරුන් කොළඹට කැඳවා ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
