Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි
    Featured

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    By LFNNovember 12, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ (11) මෙම අනතුර සිදුව තිබුණේ, තඹුත්තේගම, කහවත්ත, සිරිපුර, කොකාවැව සහ මාතර යන පොලිස් වසම්වලදීය.

    තඹුත්තේගම 27 හන්දිය මාර්ගයේ ලුණුවැව ප්‍රදේශයේදී යතුරුපැදියක් ඊට ඉදිරියෙන් එම දිශාවට ධාවනය වූ ලොරි රථයකට ඉස්සර කිරිමේදී ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි පුද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේදී පසුපැදිකරු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, ලපනාව ජනපදය, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි.

    මේ අතර මාකදුර සිට මාදම්පේ හන්දිය හරහා කහවත්ත දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක ගමන්කළ මගී කාන්තාවක් පැපොල්ඇල්ල ප්‍රදේශයේදී බස් රථයෙන් බැසීමට යාමේදී ඇදවැටී එම බස් රථයටම යටවී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් මගී කාන්තාව එම ස්ථානයේදීම මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, මාකදුර සබර, කහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිදිරි කාන්තාවකි.

    මේ අතර සිරිපුර – නුවරගල මාර්ගයේ පලුදෙනිය ප්‍රදේශයේදී යතුරුපැදියක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී ඊට පිටුපසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකාරිය හා යතුරුපැදිකරු දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී යතුරුපැදිකාරිය මියගොස් තිබේ.

    යතුරුපැදිකරු වැඩිදුර ප්‍රථිකාර සඳහා පොළොන්නරුව රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලීසිය පවසයි.

    මියගොස් ඇත්තේ, පලුදෙනිය, සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි කාන්තාවකි.

    මේ අතර කොකාවැව පොලිස් වසමේ කිවුලේකඩ මාර්ගයේ කොකාවැව ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයට වැටී තිබූ ගසක අත්තක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ගලෙන්බිඳුණුවැව රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, ඉහළබොරලුගොඩැල්ල, කොකාවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙකි.

    මාතර පොලිස් වසමේ වෙලේවත්ත නාවිමන මාර්ගයේ බෙලිගස් හන්දිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු හා යතුරුපැදිකරු මාතර රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී යතුරුපැදිකරු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, මාලගොඩ, නාවිමන ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 202505 Views

    අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත්…

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.