Close Menu
Lanka Focus News
    What's Hot

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි
    Featured

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    By LFNNovember 12, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ (11) මෙම අනතුර සිදුව තිබුණේ, තඹුත්තේගම, කහවත්ත, සිරිපුර, කොකාවැව සහ මාතර යන පොලිස් වසම්වලදීය.

    තඹුත්තේගම 27 හන්දිය මාර්ගයේ ලුණුවැව ප්‍රදේශයේදී යතුරුපැදියක් ඊට ඉදිරියෙන් එම දිශාවට ධාවනය වූ ලොරි රථයකට ඉස්සර කිරිමේදී ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි පුද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේදී පසුපැදිකරු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, ලපනාව ජනපදය, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි.

    මේ අතර මාකදුර සිට මාදම්පේ හන්දිය හරහා කහවත්ත දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක ගමන්කළ මගී කාන්තාවක් පැපොල්ඇල්ල ප්‍රදේශයේදී බස් රථයෙන් බැසීමට යාමේදී ඇදවැටී එම බස් රථයටම යටවී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් මගී කාන්තාව එම ස්ථානයේදීම මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, මාකදුර සබර, කහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිදිරි කාන්තාවකි.

    මේ අතර සිරිපුර – නුවරගල මාර්ගයේ පලුදෙනිය ප්‍රදේශයේදී යතුරුපැදියක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී ඊට පිටුපසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකාරිය හා යතුරුපැදිකරු දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී යතුරුපැදිකාරිය මියගොස් තිබේ.

    යතුරුපැදිකරු වැඩිදුර ප්‍රථිකාර සඳහා පොළොන්නරුව රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලීසිය පවසයි.

    මියගොස් ඇත්තේ, පලුදෙනිය, සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි කාන්තාවකි.

    මේ අතර කොකාවැව පොලිස් වසමේ කිවුලේකඩ මාර්ගයේ කොකාවැව ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයට වැටී තිබූ ගසක අත්තක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ගලෙන්බිඳුණුවැව රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, ඉහළබොරලුගොඩැල්ල, කොකාවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙකි.

    මාතර පොලිස් වසමේ වෙලේවත්ත නාවිමන මාර්ගයේ බෙලිගස් හන්දිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු හා යතුරුපැදිකරු මාතර රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී යතුරුපැදිකරු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, මාලගොඩ, නාවිමන ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 202601 Views

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට…

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.