Close Menu
Lanka Focus News
    What's Hot

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»21 රැලිය ගැන සාකච්ඡාවට නාමල් දස වසරකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට
    Featured

    21 රැලිය ගැන සාකච්ඡාවට නාමල් දස වසරකට පසු ශ්‍රීලනිප මූලස්ථානයට

    By LFNNovember 11, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු එම පක්ෂයේ කණ්ඩායමක් වසර 10කට පමණ පසු ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත පැමිණ තිබුණි.

    ඒ එළඹෙන නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජන රැලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය.

    වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන්ට එරෙහිව එළඹෙන නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජනරැලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අද ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ තිබුණි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයට පැමිණියේ වසර 10කට පමණ පසුවයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාව සඳහා එහි සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

    එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක පවසා සිටියේ, “ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලු පක්ෂ එකම වේදිකාවකට. මාලිමාවට කතිරේ ගහපු අයට රැවටුණු බව තේරිලා. 21 වැනිදා අපි මේ බොරුව හෙළිකරනවා.” යනුවෙනි.

    මාධ්‍යවේදියා – අවුරුදු 10කින් විතර නේද නිදහස් පක්ෂ මූලස්ථානයට ආවේ ?

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා – “රැලිය ගැන සාකච්ඡා කරන්න ආවා ආණ්ඩුවට කියන්නේ දුන්න පොරොන්දු ඉටුකරන්න. පසුගිය අයවැය යෝජනා වලින් 50%ක්වත් කරලා නැහැ. එහෙම තියෙද්දි ජනාධිපති පැය 4 1/2ක් කතා කරනවා. කවුද කැබ් 1700ක් ඕනේ කිව්වේ ? මොන ආයතනයෙන්ද කැබ් රථම ඉල්ලලා තියෙන්නේ ? කැබ්ම ඉල්ලපු කෙනාවයි අපි සොයන්නේ. ආණ්ඩුවට යම් යම් අය සතුටු කරන්න ඕනේ ඇති. ආණ්ඩුව බොරු කියන බව ජනතාව තේරුම් අරගෙන ඉන්නේ. කුඩු අයිස්වලට මාවයි අත්අඩංගුවට ගන්න හැදුවේ. ඒක පැලවත්තටම කඩාගෙන වැටුණා. ආණ්ඩුව දේශපාලනය කරන්නේ පික් පොකට් න්‍යායෙන්. ඔය මතයේ ඉන්න සියලුදෙනා 21 නුගේගොඩ එයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 202601 Views

    ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට…

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.