Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බදුලු – බණ්ඩාරවෙල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිවෙයි

    November 10, 2025

    දින 4ක් තුළ 1818ට පැමිණිලි 800ක්

    November 10, 2025

    පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන අගමැති කරුණු පහදයි

    November 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බදුලු – බණ්ඩාරවෙල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිවෙයි
    Featured

    බදුලු – බණ්ඩාරවෙල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිවෙයි

    By LFNNovember 10, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අලුත්ගම ප්‍රදේශයේ සිට රැගෙන එන හෙරොයින් බදුල්ල හා බණ්ඩාරවෙල යන ප්‍රදේශවලට අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල හෙළි කරගනිමින් ඊට සම්බන්ධ සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ , ඇසුරුම් කළ හෙරොයින් පැකට් දහසක්ද සමගිනි.

    හාලිඇළ ප්‍රදේශයේ නිවසක පදිංචි 28 හා 30 හැවිරිදි වියේ පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් බදුල්ල හා බණ්ඩාරවෙල ප්‍රදේශවලට මත්කුඩු බෙදාහරින බවට පොලීසියට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් තිබුණි.

    ඒ වනවිටත් මත්කුඩු ඇසුරුම් කරමින් සිටි සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අලුත්ගම සිට පැමිණෙන පුද්ගලයෙක් ඔවුන්ට හෙරොයින් සපයන බවය.

    ඔහු කොටුකර ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලීසිය උපායක් යොද තිබුණි.

    ඒ අනුව ඉකුත් පොහොය දිනයදා සැකකරුට බණ්ඩාරවෙල දෝව රජමහා විහාරයට පැමිණෙන්නැයි සැකකාරියන්ගේ දුරකථනයක් ඔස්සේ සිදුකළ දැනුම් දීමක් මත සැකකරු සුදු ඇදුමින් සැරසී මත්කුඩුද රැගෙන එම විහාරස්ථානයට පැමිණ තිබූ අතර ඔහු සැකකාරියකට මත්ද්‍රව්‍ය ලබාදීමේදී සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දින 4ක් තුළ 1818ට පැමිණිලි 800ක්

    November 10, 2025

    පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන අගමැති කරුණු පහදයි

    November 10, 2025

    බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

    November 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    බදුලු – බණ්ඩාරවෙල මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළිවෙයි

    November 10, 20250122 Views

    අලුත්ගම ප්‍රදේශයේ සිට රැගෙන එන හෙරොයින් බදුල්ල හා බණ්ඩාරවෙල යන ප්‍රදේශවලට අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල…

    දින 4ක් තුළ 1818ට පැමිණිලි 800ක්

    November 10, 2025

    පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන අගමැති කරුණු පහදයි

    November 10, 2025

    බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

    November 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.