Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කප්තුරු සවිය යටතේ පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදාහැරිම අද
    Featured

    කප්තුරු සවිය යටතේ පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදාහැරිම අද

    By LFNNovember 9, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිළිඳුබව අවම කිරිමේ අරමුණින් සහ පොල් වගාව රට පුරා ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ගෙවතු පොල් වගාවට පොල් පැළ ලක්ෂ පහක් නොමිලේ බෙදා දීම අද (09) ආරම්භ වීමට නියමිතව තිබේ.

    ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

    ඒ අනුව අද පෙරවරු 10.00ට අම්පාර උහන නගරයේදී මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය.

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය අතර පසුගිය දා අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට අනුව මෙම ව්‍යාපෘතිය පැවැත්වේ.

    මෙහිදි, උතුරු පොල් ත්‍රිකෝණය සඳහා තෝරාගත් යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක පහ හැර ලංකාවේ සෙසු දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි ප්‍රතිලාභී පවුල් ලක්ෂ 2.5ක් සඳහා පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදා දීමට සැලසුම් කර ඇති අතර මෙමගින් අක්කර 7,812ක පොල් වගාවක් ඇති කිරිමට අපේක්ෂිතය.

    ප්‍රජා ශක්ති කමිටු මගින් තෝරා, ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු මගින් අනුමත කරගත් එම ප්‍රතිලාභින්ගේ දෛනික පරිභොජනය සඳහා පොල් තම ගෙවත්තෙන්ම ලබා ගැනිමට හැකි වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.

    එමෙන්ම පොල් පැළ බෙදාදීමේ සිට පොල් අස්වැන්න නෙළන අවස්ථාව තෙක්ම පොල් වගා කිරිමේ මණ්ඩලයේ ප්‍රාදේශිය නිලධාරින් සමග ප්‍රජා ශක්ති කමිටුවේ නිලධාරින් විසින් පුර්ණ අධීක්ෂණයක් සිදු කිරිමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202604 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.