Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    Featured

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    By LFNNovember 7, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදෙස් ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම, කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 30 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති ජාත්‍යන්තර රතු නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

    මෙම පෙත්සම අද (07) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කර සිටියේය.

    පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසය.

    ඒ අනුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 30 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කර ඇත.

    මේ වන විට විදේශගතව සිටින කුඩු සළිඳු සිය නීතිඥවරයා මාර්ගයෙන් මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,394 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,341 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,562 Views
    Don't Miss

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 20250120 Views

    ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස කොමදෝරු ප්‍රසාද් ජයසිංහ මහතා පත්කර ඇත.…

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.