Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 2025

    තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    November 7, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කත අල්ලයි
    Featured

    රට රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කත අල්ලයි

    By LFNNovember 7, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු කොරියාවේ, ඉතාලියේ හා නවසීලන්තයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකාරිය මෙසේ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාගෙන ඇත.

    කෙසේවෙතත් එම කාන්තාව පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදුන් බවට විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි 8ක් ලැබී තිබුණි.

    ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් ඇයගේ නිවස වෙත ගියද, ඇය ඔවුන්ව මගහරිමින් සිට තිබේ.

    අදාළ කාන්තාව ඊයේ (06) ගම්පහ ප්‍රදේශයේ ආයතනයක් තුළ ඊශ්‍රායල් රැකියා සඳහා බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණක් පවත්වන බවට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය නිලධාරීන් විසින් වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් අයකිරීම යන චෝදනාව යටතේ මෙසේ ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    ඇය මීට පෙරද විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර ඉන් ඇප ලබා සිටින තැනැත්තියක් බවට ද හෙළි වී ඇත.

    එසේම වෙනත් පොලිස් ස්ථානවලද ඇයට එරෙහිව විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් පැමිණිලි පවතින බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 2025

    තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    November 7, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,393 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,340 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 20250115 Views

    හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර…

    තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    November 7, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 2025

    මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.