Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙස ධනාත්මකව බලන්න – අධ්‍යාපන ලේකම්
    Featured

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙස ධනාත්මකව බලන්න – අධ්‍යාපන ලේකම්

    By LFNNovember 7, 2025No Comments3 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙස ධනාත්මකව බලන්නැයි ගුරු සංගම් ඇතුළු සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා එම අමාත්‍යාංශයේ ඊයේ(6) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ඇතුළු කරුණු පිළිබඳ දැනුම්වත් කිරීමද මෙහිදී සිදුවිය.

    අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත්කළ මාධ්‍ය නිවේදනය,

    ඉදිරි වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වර්තමාන තත්වය සහ ඊට සමගාමීව සිදුවන පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම අරමුණු කරගෙන මාධ්‍ය හමුවක් ඊයේ (06) දින නාලක කලුවැව (අධ්‍යාපන ලේකම්)ගේ මූළිකත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විය.

    මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කරන ලද්දේ නව අධ්‍යාපන පරිවර්තනය වෙනසකට මුල පුරමින් 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම නව අධ්‍යාපන වෙනස සඳහා පුහුණු කරුවන් පුහුණු කිරීමේ කටයුතු ජාතික අධ්‍යාපන ආයතනය මගින් සිදු කරන අතර එහි 99% පමණ අවසන් කර ඇති බවයි. ඒමෙන්ම 1 සහ 6 ශ්‍රේණිවලට අදාළ ගුරුවරුන් පුහුණු කිරීම 2025.12.31 පමණ වන විට අවසන් කරන බවත් මෙම ශ්‍රේණි දෙක සඳහා එක වාරයක් සඳහා අවශ්‍ය මොඩියුල 106ක් ඉදිරි සති දෙක තුළ මුද්‍රණය කර අවසන් කරන බවත්ය.

    මේ වන විට සමාජයේ බොහෝ කතා බහට ලක්ව ඇති පාසල් කාලය විනාඩි 30න් දීර්ඝ කිරීම 5 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවල සිදු කරන බව සඳහන් කළ ලේකම්වරයා මෙය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ක්‍රියාකාකරම් මූලික අධ්‍යාපනයක් සිදු කිරීමට නියමිත බැවින් එක් කාලඡේදයක් විනාඩි 50ක් කිරීම සමස්ත ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මත සිදු වන බවත්, ඊට සාපේක්ෂව දුම්රිය, ලංගම බස් වැනි පොදු ප්‍රවාහන සේවා වල කාලය වෙනස් කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව, ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ජාතික ගමනාගමන මණ්ඩලය වැනි ආයතන සමග සාකච්ඡා පවත්වා ඇති බවත් ප්‍රකාශ කරන ලදී.

    එමෙන්ම ඉදිරි වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්තනය පිළිබඳ පළාත් 09 ආවරණය වන පරිදි සියලුම අධ්‍යාපන බලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩ සටහන් මේ වන විට ක්‍රියාත්මක බවත් ඒ්වා අවසන් අදියරේ පසුවන බවත් ප්‍රකාශ කරන ලදි.එමෙන්ම මේ සම්බන්ධව දෙමව්පියන් දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් දෙසැම්බර් මාසයේ දී සිදු කිරීමට නියමිත බව අමාත්‍යාංශ ලේකම් ප්‍රකාශ කරන ලදී.

    එසේම මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කර සිටියේ, මෙම විෂය මාලා සකස් කිරීමේදී ලෝකයේ විවිධ රටවල අධ්‍යාපන ක්‍රමය පිළිබද පුළුල් නිරීක්ෂණයක් සිදු කළ බවත් ළමා මනසට උචිත ආකාරයෙන් අනාගත වැඩ ලෝකයට අවශ්‍ය ආකාරයට මෙය සකස් කර ඇති බවත්ය.

    පරිවර්තනීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී 10 ශ්‍රේණියේ සිට වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීමේ මූලික අඩිතාලම සිදු කරන බවත්, එය ඉදිරියට ගෙන යාමක් ලෙස අ.පො.ස. උසස් පෙළ විෂය ධාරාව තුළත් එම අධ්‍යනයන් ඉදිරියට කරගෙන යා හැකි වන පරිදි සකස් කරන බව ප්‍රකාශ විය.

    පාසල් කාලය විනාඩි 30න් දීර්ඝ කිරීමට අදාළව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් නාලක කලුවැව මහතා සඳහන් කළේ නවීන තාක්ෂණයත් සමග බද්ධ වී ඉදිරියට යන ලෝකයට ගැලපෙන දරුවකු සමාජගත කිරීමේ අරමුණින් සිදුකරගෙන යන මෙම නව අධ්‍යාපන පරිවර්තනයට ගුරුවරුන් සහයෝගය ලබා දෙතැයි අපේක්ෂා කරන බවයි.

    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විභාග කොමසාරිස් ජනරාල්, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු සහ අධ්‍යක්ෂවරු සහභාගි විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.