Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026

    දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා වන වන්දි මුදල මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න – ජනපති

    April 22, 2026

    ප්‍රේමලාල් ජයසේකරට ඇප

    April 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී දළදා මාළිගාව සඳහා නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීම අද
    Featured

    ශ්‍රී දළදා මාළිගාව සඳහා නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීම අද

    By LFNNovember 7, 2025No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර ශ්‍රී දළදා මාලිගාව සඳහා නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීම සඳහා වන නිලවරණය අද (7) සිදුකිරීමට නියමිතය.

    ඒ අනුව ඊට අදාළ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ මහනුවර බෞද්ධ බලමණ්ඩල ශාලාවේදී අද ප.ව. 2ට පැවැත්වීමට නියමිතව ඇත.

    මෙවර මෙම තනතුර සඳහා 7 දෙනෙකු ඉදිරිපත්වීමට නියමිතව ඇති බව සඳහන්.

    ඒ අනුව වත්මන් වැඩබලන දියවඩන නිලමේවන ප්‍රදීප් නිලංග දෑල, කතරගම මහා දේවාලයේ සහ පස්ගම ශ්‍රී නාථ දේවාලයේ ප්‍රධාන භාරකරු වන දමින්ද බණ්ඩාර උඩුරාවණ, නාථ දේවාලයේ සහ ඇම්බැක්කේ ශ්‍රී කතරගම දේවාලයේ ප්‍රධාන භාරකරු වන ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක යන මහත්වරු ඉදිරිපත්වීමට නියමිතය.

    ඊට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුව සහ කළමනාකරණ පීඨයේ මහාචාර්ය තිලක් සුබසිංහ, එම විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරී ගාමිණී කළුහෙන්ඩිවල, බදුල්ල සෝනුත්තර රජමහා විහාරයේ සහ සතරමහා දේවාලයේ ප්‍රධාන භාරකරු සහ ව්‍යාපාරික රොෂාන් ප්‍රියදර්ශන, විශ්‍රාමික හමුදා කර්නල් නන්ද මඩුගල්ලේ යන මහත්වරුද මේ සඳහා ඉදිරිපත්වීමට නියමිතව ඇති බව සඳහන්.

    බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව මහා සංඝරත්නයේ සාමාජිකයන් ඇතුළුව පුද්ගලයන් 263 දෙනෙකු මෙවර නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.

    විහාර සහ දේවාලගම් ආඥා පනතට අනුකූලව දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය වසර 10ක් වේ.

    ඒ අනුව අද දිනයේ පත්වන දියවඩන නිලමේවරයාට 2035 දක්වා සේවය කිරීමට හැකියාව ඇත.

    උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ දා සිට ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ලෙස පුද්ගලයන් 19 දෙනෙකු සේවය කර තිබේ.

    දියවඩන නිලමේවරයා පත්කර ගැනීම සම්බන්දයෙන් පැහැදිලිකරන මධ්‍යමපලාත් බෞද්ධ කටයුතු පිලිබද නියෝජ්‍ය කොමසාරිස් අනුරුද්ධ බන්ඩාර මහතා.

    “රැස්වීමේදී නාමයෝජනා එකකට වැඩි ප්‍රමාණයක් ලැබුණහොත් ඒ අය අතරින් සුදුස්සෙක් තෝරාගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වෙනවා.

    පනතට අනුව වයස අවුරුදු 18ට වැඩි 70ට අඩු සිංහල බෞද්ධ පිරිමි අයෙක් විය යුතුයි.

    එමෙන්ම ඔහු උසාවියේ වැරදිකරුවෙකු නොවිය යුතුය” යැයි පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026

    දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා වන වන්දි මුදල මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න – ජනපති

    April 22, 2026

    ප්‍රේමලාල් ජයසේකරට ඇප

    April 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 202602 Views

    “ඒහි පස්සිකෝ“  සාම පාද යාත්‍රාවේ දෙවන දිනය අද (23) යි. අද දිනයේ ඓතිහාසික මාතලේ අලුවිහාරයේ…

    දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි වූ නිවාස සඳහා වන වන්දි මුදල මැයි මස අවසන් වීමට පෙර ගෙවා නිම කරන්න – ජනපති

    April 22, 2026

    ප්‍රේමලාල් ජයසේකරට ඇප

    April 22, 2026

    ඔත්තේ රියදුරුට ඉරට්ටේ දවසේ තෙල් දෙන්න බෑ කියපු පොම්පකරුට කනේ පහරක්

    April 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.