Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැකර්වරුන් සිදුකළ සොරකමට එරෙහිව මුදල් අමාත්‍යාංශය නීතිමය පියවර ගනී

    April 23, 2026

    හෝමූස් අරින්න ඉරානය බෑ කියයි

    April 23, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට සවසට මි.මී 75 ඉක්මවූ වැසි

    April 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෝදර දේවාල කමිටුවේ සභාපති ඝාතනය ගැන තවත් තොරතුරු
    Featured

    මෝදර දේවාල කමිටුවේ සභාපති ඝාතනය ගැන තවත් තොරතුරු

    By LFNNovember 5, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී ඊයේ (04) උදෑසන වෙඩිතබා සිදුකළ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට තවත් තොරතුරු අනාවරණය වී තිබේ.

    ඒ අනුව මෙලෙස ඝාතනය කර තිබුණේ අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පදිංචි වරුෂවිතාන මිරන්ත නම් 54 හැවිරිදි පුද්ගලයෙකුවය.

    පොලීසිය පැවසුවේ, එම පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජනබලවේගයෙන් අම්බලන්ගොඩ නගර සභාවට ලයිස්තුවෙන් ඉදිරිපත් වු අයෙකු බවත්ය.

    එමෙන්ම ඔහු විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවකු වන ‘කරන්දෙණිය සුද්දා’ නම් පුද්ගලයාගේ මස්සිනා බවද පොලීසිය පවසයි.

    ඒ අනුව මෙම ඝාතනයට හේතුවී ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයට කලින් දින මීටියාගොඩ හෝටලයක් තුළදී මීටියාගොඩ ‘මහදුර නලින්’ සහ තවත් පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් බවට දැනට කරුණු අනාවරණය වෙමින් පවතින බව පොලීසිය කියයි.

    මීටියාගොඩ මහාදුර නලින් ඝාතනයට කරන්දෙණිය සුද්දා පාර්ශ්වයට චෝදනා එල්ලවී තිබුණි.

    කෙසේවෙතත් ඊයේ ඝාතනයට ලක්වූ මිරන්ත කිසිඳු මනුෂ්‍ය ඝාතනයකට චෝදනා ලැබූවෙකු නොවන බවද වාර්තා වෙයි.

    මේ අනුව කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයෙන් පළිගැනීමට මිරන්ත ඝාතනය මීටියාගොඩ මහදුර නලින්ගේ පාර්ශ්වයේ සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරන අතර CCTV දර්ශන ඔස්සේ එක් පුද්ගලයකු හඳුනාගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.

    අම්බලන්ගොඩ මෝදර මහා දේවාල කමිටුවේ සභාපති ලෙස සහ අම්බලන්ගොඩ ධීවර වරාය කළමනාකරණ කමිටුවේ උප සභාපති, අම්බලන්ගොඩ ග්‍රාමීය ධීවර සංවිධානයේ ලේකම්, අම්බලන්ගොඩ හිරේවත්ත සමූපකාර ධීවර සමිතියේ ලේකම් ලෙසද වරුෂවිතාන මිරන්ත කටයුතු කර තිබූ බවත් අනාවරණය වෙයි.

    ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘතශරීරය සම්බන්ධයෙන් අද (05) බලපිටිය රෝහලේ මෘතශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් ප්‍රදේශ කිහිපයකට සවසට මි.මී 75 ඉක්මවූ වැසි

    April 23, 2026

    පැළ සිටුවීමේ නැකත අදයි

    April 23, 2026

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    හැකර්වරුන් සිදුකළ සොරකමට එරෙහිව මුදල් අමාත්‍යාංශය නීතිමය පියවර ගනී

    April 23, 202602 Views

    මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී…

    හෝමූස් අරින්න ඉරානය බෑ කියයි

    April 23, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට සවසට මි.මී 75 ඉක්මවූ වැසි

    April 23, 2026

    පැළ සිටුවීමේ නැකත අදයි

    April 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.