Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ තන­තු­රට සත් කොන් සට­නක්
    Featured

    ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ තන­තු­රට සත් කොන් සට­නක්

    By LFNNovember 4, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිල­මේ­ව­රයා තෝරා ගැනීම සඳහා මේ මස 7 වැනිදා පැවැ­ත්වී­මට නිය­මිත මැති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­කයෝ හත් දෙනෙක් ඉදි­රි­පත්ව සිටිති. හිටපු දිය­ව­ඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, කත­ර­ගම දේවා­ලයේ බස්නා­යක නිලමේ දමින්ද බණ්ඩාර උඩු­රා­වණ, නාථ දේවා­ලයේ බස්නා­යක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්.බණ්ඩා­ර­නා­යක, ගාමිණී කළු­හැ­න්දි­වෙල, නන්ද මඩු­ගල්ල, මහා­චාර්ය තිලක් සුබ­සිංහ සහ රොෂාන් ප්‍රිය­ද­ර්ශන පස්ස­ර­මු­ද­ලිගේ මහ­ත්වරු මේ මැති­ව­ර­ණ­යට තරග වදිති. මේ මැති­ව­ර­ණ­යෙන් ජය­ග්‍ර­හ­ණය කරනු ලබන තැනැත්තා ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිල­මේ­ව­රයා ලෙස වසර 10ක් ධුර දරනු ලැබේ.

    මෙහිදී, ඡන්දය ප්‍රකාශ කිරී­මට සුදු­සු­කම් ලබන්නේ 261 දෙනෙක් පමණි. මල්වතු සහ අස්ගි­රිය නිකා­යන් යටතේ පාල­නය වන රජ­මහා විහා­ර­වල ප්‍රධා­නා­චා­ර්ය­ව­රුන් සහ ගිහි භාර­ක­රු­වන් 157 දෙනකු මෙන්ම බස්නා­යක නිල­මේ­ව­රුන් 29 දෙනකු ද ඊට ඇතු­ළත් වේ.

    2005 වසරේ ජුලි 1 දා දිය­ව­ඩන නිලමේ තන­තු­රට පත් වූ ප්‍රදීප් නිලංග දෑල මහතා 2015 සැප්තැ­ම්බර් 8 දා පැවැති ඡන්ද­යෙන් දෙවැනි වර­ටත් තවත් වසර 10ක් සඳහා දිය­ව­ඩන නිලමේ තන­තු­රට පත් විය. ඒ මහතා ඉන් පෙර සබ­ර­ගමු මහ සමන් දේවා­ලයේ, රුහුණු මහ කත­ර­ගම දේවා­ලයේ බස්නා­යක නිලමේ තන­තුරු දැරු­වේය. මෙවර 2025 ඡන්ද­යට හෙතෙම ඉදි­රි­පත් වන්නේ තෙවැනි අව­ස්ථා­ව­ටයි.

    කත­ර­ගම දේවා­ලයේ බස්නා­යක නිලමේ දමින්ද බණ්ඩාර උඩු­රා­වණ මහතා මහ­නු­වර ත්‍රිත්ව විද්‍යා­ලයේ ආදි ශිෂ්‍ය­යකු වන අතර 2017 වසරේ දී පස්ගම ශ්‍රී නාථ දේවා­ලයේ බස්නා­යක නිලමේ ධුරය දෙව­තා­වක් දරා ඇත. 1964 සිට 1975 දක්වා හිටපු දිය­ව­ඩන නිල­මේ­ව­ර­යකු වූ එච්.බී. උඩු­රා­ව­ණගේ පවු­ලෙන් පැමිණි දමින්ද බණ්ඩාර උඩු­රා­වණ 2023දී මහ­නු­වර ඓති­හා­සික ශ්‍රී මහා කත­ර­ගම දේවා­ලයේ බස්නා­යක නිල­මේ­ව­රයා ලෙස පත් විය.

    නාථ දේවා­ලයේ බස්නා­යක නිල­මේ­ව­රයා ලෙස 2022 දී පත් වන ඒ. ඩබ්ලිව්. එස්. බණ්ඩා­ර­නා­යක ඉන් පෙර මාතලේ, අම්බොක්ක හා මහ­නු­වර ඇම්බැක්කේ දේවා­ල­වල බස්නා­යක ධුර හොබවා තිබේ.

    ගාමිණී කළු­හැ­න්දි­වෙල මහතා පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ විද්‍යා උපා­ධි­ධා­රි­යකු වෙයි.

    ශ්‍රී ලංකා යුද හමු­දාවේ විශ්‍රා­මික කර්නල් වීර මඩු­ගල්ල පද­නමේ සභා­පති, නන්ද මඩු­ගල්ල මහ­තාද මෙවර දිය­ව­ඩන නිලමේ තන­තු­රට තරග වදියි.

    පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ කළ­ම­නා­ක­රණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ මහා­චාර්ය තිලක් සුබ­සිංහ, ඓති­හා­සික සෝනු­ත්තර රජ­මහා විහාර භාර­කා­ර­ත්වය හා සතර මහ දේවාල භාර මහ නිලමේ ධුරය හොබ­වන රොෂාන් ප්‍රිය­ද­ර්ශන පස්ස­ර­මු­ද­ලිගේ මහ­ත්ව­රුද මෙවර දිය­ව­ඩන නිලමේ ධුරය සඳහා තරග වදිති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.