දැනට ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්කුඩු බෙදාහරින ‘ඩුබායි කුඩු දිලිනි’ නොහොත් ‘කැන්ඩි කුවීන්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවට අයත් මත්කුඩු බෙදාහැරි යුවළක් කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (02) සවස කෑගල්ල, වලකඩයාව ප්‍රදේශයේ දී වයස අවුරුදු 46ක් වූ කාන්තාවක් හා 30 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
පිරිමි පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 20ක් හා කාන්තාව සතුව එවැනි පැකට් කිහිපයක හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 520ක් තිබී සොයාගෙන තිබේ.
මොවුන් පැමිණි යතුරුපැදිය ද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරිය හා සැකකරු කෑගල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කෑගල්ල මහෙස්ත්‍රාත් ශෂිකා මිථුනගේ ආරච්චි මෙනෙවිය වෙත ඉදිරිපත් කර ඇත.
පසුව දින 7ක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
