රජරට විශ්වවිද්‍යාලයට ස්ථීර උපකුලපතිවරයෙකු පත් නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කර ඇති වැඩවර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව රජරට විශ්වවිද්‍යාල ආචාර්යයවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති මහාචාර්යය නාලක ගීකියනගේ මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවය.
සංකේත වැඩවර්ජනයක් ලෙස ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිට අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා තීව්‍ර කර තිබේ.
අද වනවිට වැඩවර්ජනය ආරම්භ කර දින 4ක් ගතව ඇත.
වසරකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාලය තුළ උපකුලපතිවරයෙකු නොමැති වීම හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යවා ඇති නාමයෝජනාවලට කිසිදු හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කිරීම ආදි හේතු මත මෙම වැඩවර්ජනය සිදුකරන බව නාලක ගීකියනගේ මහතා වැඩිදුරටත් පැවසීය.
“විශ්වවිද්‍යාලයේ ඇති වෙලා තියෙන අර්බුදකාරී වාතාවරණයට සහ මේ ක්‍රියාවලියේ පිටුපස තියෙන දේශපාලන මැදිහත්වීම්වලට විරුද්ධව තමා අපි වර්ජනයට අවතීර්ණය වුණේ. අපේ ප්‍රධානම ඉල්ලීම තමයි මේ වනවිට යවලා තියෙන නාමයෝජනා තුනෙන් එක් අයෙක් විශ්වවිද්‍යාලයට වහාම උපකුලපතිවරයෙකු ලෙස පත්කරන්න. ඒ එක්කම මෙම අකටයුතුකම් කරමින් තවදුරටත් විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිතුමිය තවදුරටත් ධුරයේ රැඳී සිටිනවා. ඒ එක්කම විශ්වවිද්‍යාල ලේඛකාධිකාරීතුමිය ලෙස විවිධ අකටයුතුකම් තනි තීරණ ගනිමින් රැඳී සිටින මේ දෙපොළ මෙම තනතුරුවලින් ඉවත් විය යුතුයි. අපි වැඩවර්ජනය තවදුරටත් කරගෙන යනවා. ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා ප්‍රදේශයේ සිටින ජනතාව හා සියලුදෙනා එකතු කරලා පුළුල් පෙරමුණකට අරන් එන්න.”
