Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රජරට සරසවියේ ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්
    Featured

    රජරට සරසවියේ ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්

    By LFNNovember 3, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජරට විශ්වවිද්‍යාලයට ස්ථීර උපකුලපතිවරයෙකු පත් නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කර ඇති වැඩවර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව රජරට විශ්වවිද්‍යාල ආචාර්යයවරුන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති මහාචාර්යය නාලක ගීකියනගේ මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවය.

    සංකේත වැඩවර්ජනයක් ලෙස ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිට අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා තීව්‍ර කර තිබේ.

    අද වනවිට වැඩවර්ජනය ආරම්භ කර දින 4ක් ගතව ඇත.

    වසරකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාලය තුළ උපකුලපතිවරයෙකු නොමැති වීම හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යවා ඇති නාමයෝජනාවලට කිසිදු හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කිරීම ආදි හේතු මත මෙම වැඩවර්ජනය සිදුකරන බව නාලක ගීකියනගේ මහතා වැඩිදුරටත් පැවසීය.

    “විශ්වවිද්‍යාලයේ ඇති වෙලා තියෙන අර්බුදකාරී වාතාවරණයට සහ මේ ක්‍රියාවලියේ පිටුපස තියෙන දේශපාලන මැදිහත්වීම්වලට විරුද්ධව තමා අපි වර්ජනයට අවතීර්ණය වුණේ. අපේ ප්‍රධානම ඉල්ලීම තමයි මේ වනවිට යවලා තියෙන නාමයෝජනා තුනෙන් එක් අයෙක් විශ්වවිද්‍යාලයට වහාම උපකුලපතිවරයෙකු ලෙස පත්කරන්න. ඒ එක්කම මෙම අකටයුතුකම් කරමින් තවදුරටත් විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිතුමිය තවදුරටත් ධුරයේ රැඳී සිටිනවා. ඒ එක්කම විශ්වවිද්‍යාල ලේඛකාධිකාරීතුමිය ලෙස විවිධ අකටයුතුකම් තනි තීරණ ගනිමින් රැඳී සිටින මේ දෙපොළ මෙම තනතුරුවලින් ඉවත් විය යුතුයි. අපි වැඩවර්ජනය තවදුරටත් කරගෙන යනවා. ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා ප්‍රදේශයේ සිටින ජනතාව හා සියලුදෙනා එකතු කරලා පුළුල් පෙරමුණකට අරන් එන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.