Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    හැකර්වරුන් සිදුකළ සොරකමට එරෙහිව මුදල් අමාත්‍යාංශය නීතිමය පියවර ගනී

    April 23, 2026

    හෝමූස් අරින්න ඉරානය බෑ කියයි

    April 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව නිවේදනයක්
    Featured

    වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සම්බන්ධව නිවේදනයක්

    By LFNNovember 2, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය දින කිහිපය තුළ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වී වගාව ඇතුළු අනෙකුත් වගාවන්ට සිදුවූ හානිය පිළිබඳව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අවධානයෙන් යුතුව කටයුතු කරන බව එම මණ්ඩලය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ 2025/26 මහ කන්නය මේ වන විට ආරම්භ වී ඇති බැවින් අදාළ වී වගාව සඳහා බිම් සැකසීම් ආරම්භ කර ඇති බවත් එහි ආරම්භක අවධියේ පැවැත්ම හේතුවෙන් වී වගා භූමි සුරක්ෂිතව පවතින අතර හානි තත්ත්වයන් මේ දක්වා වාර්තා වී නොමැති බවය.

    නොමිලේ රක්ෂණය යටතේ ආවරණය ලබන අනිකුත් භෝග වන බඩ ඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන වගාවන්ට සිදුවූ හානිය පිළිබඳව දිස්ත්‍රික් භාර නිලධාරීන් ඇස්තමේන්තුගත කරන ලද නමුත් මේ වන විටත් එම වගාවන්ට සිදුවූ හානිය පිළිබඳව නිශ්චිතව වාර්තා වී නොමැති බවය.

    ඒ අනුව තවදුරටත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් ගොවීන් හා සම්බන්ධ වෙමින් වගාවන්ට සිදුවූ හානි පිළිබඳ තොරතුරු ලබාගෙන සහන සැලසීමට අදාළ වැඩසටහන් සකස් කරමින් පවතින බවත් එම මණ්ඩලය සඳහන් කළේය.

    විශේෂයෙන් වී වගාව සඳහා හානි සිදුවූ විට රජය විසින් හෙක්ටයාරයකට රුපියල් 100,000 බැගින් අක්කර 05ක උපරිමය දක්වා වන්දි ගෙවීම සිදුකරන අතර බඩ ඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, මිරිස් සහ සෝයා යන භෝග සඳහා අක්කර 2.5ක් දක්වා රජය විසින් නොමිලේ වගා හානි වන්දි ගෙවීම සිදුකරන අතර මීට අමතරව අනෙකුත් භෝග සඳහා සිදුවන හානි සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් රක්ෂන ආවරණ ලබා ඇති ගොවීන්ට එම වගාවන්ට සිදුවන හානි සඳහාද වන්දි ගෙවීම් සිදුකරන බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් ප්‍රදේශ කිහිපයකට සවසට මි.මී 75 ඉක්මවූ වැසි

    April 23, 2026

    පැළ සිටුවීමේ නැකත අදයි

    April 23, 2026

    සාමයේ පාගමනේ දෙවැනි දිනය අදයි

    April 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 202607 Views

    ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පෙන්ටගනය නිවේදනය කර…

    හැකර්වරුන් සිදුකළ සොරකමට එරෙහිව මුදල් අමාත්‍යාංශය නීතිමය පියවර ගනී

    April 23, 2026

    හෝමූස් අරින්න ඉරානය බෑ කියයි

    April 23, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට සවසට මි.මී 75 ඉක්මවූ වැසි

    April 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.