Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලොකු ලූනු මිලදී ගැනීම ගැන සතොසෙන් පැහැදිළි කිරීමක්
    Featured

    ලොකු ලූනු මිලදී ගැනීම ගැන සතොසෙන් පැහැදිළි කිරීමක්

    By LFNNovember 2, 2025No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මධ්‍යස්ථාන හරහා ලොකු ලූනු මිලදී ගැනීමේදි වට ප්‍රමාණයේ මැන බැලීමක් සිදු නොකරන බව ලංකා සතොස ආයතනය පවසයි.

    එම ආයතනයේ තත්ත්ව සුරක්ෂණ අංශ ප්‍රධානී ළහිරු සමාංග මහතා පැවසුවේ ලූනු ගෙඩියේ ප්‍රමාණය මැන බැලීමක් සිදු නොකරන බවත් අදාළ නිලධාරීන් විසින් ඇස් මට්ටමින් පරීක්ෂා කර අදාල මිලදී ගැනීමේ ක්‍රියාවලියන් සිදු කරන බවත්ය.

    ගොවීන්ගේ ලොකු ලූනු අලෙවි කරගැනීමට නොහැකිවීමේ ගැටලුව විසඳීම සඳහා ලංකා සතොස ආයතනය ලොකු ලූනු අස්වනු මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබුවේ පසුගියදාය.

    නමුත් ඒ සඳහා කොන්දේසි 17ක් පැනවූ අතර ඒ අනුව ලොකු ලූනු ගෙඩියක විශ්කම්භවයය 35-65mm අතර විය යුතු බවත් ලොකු ලූනු කිලෝවක් සඳහා ගෙඩි 8ක් පමණක් අන්තර්ගත විය යුතු බවත් එම කොන්දේසි අතර සඳහන් විය.

    කෙසේ වෙතත් මෙම නිර්නායක පැනවීමත් සමග ගොවීන් රැසක් ඊට විරුද්ධ වී ඇත්තේ එම නිර්ණායක සම්පූර්ණ කරන ලොකු ලූනු අස්වැන්නක් තමන් සතුව නොමැති බව පවසමිනි.

    මෙම ලූනු මිලදී ගැනීම සම්බන්ධයෙන් සතොස බලධාරීන් විසින් පැහැදිලි කිරීමක් කරනු ලැබූ අතර එහිදී ලූනු ගෙඩියේ මිනුම් පිළිබඳවද යළි පැහැදිලි කිරීම්ක කළේය.

    එහිදී අදහස් දක්වමින් ලංකා සතොස ආයතනයේ තත්ත්ව සුරක්ෂණ අංශ ප්‍රධානී ළහිරු සමාංග මහතා පැවසුවේ ලූනු මිලදී ගැනීමේදි ගෙඩියේ ප්‍රමාණය මැන බැලීමක් අදාළ මධ්‍යස්ථාන තුළදී සිදු නොකරන බවය.

    “සඳහන් වුණා අපි වට මැනීමක් සිදුකරනවා කියලා. නමුත් ප්‍රමිතියේ වත් වට මැනීමේ වත් සඳහන් වෙලා නෑ. අපේ ප්‍රමිතියේ සඳහන් වෙලා තියෙන්නේ විෂ්කම්භය, විෂ්කම්භය කියන්නේ ලූනු ගෙඩියේ හරස් කඩ කැපුවාම එක් විෂ්කම්භය තමා ගන්නේ. නමුත් ක්ෂේත්‍රයේදී කිසිම වෙලාවකට ලූනු ගෙඩියේ මැනීමක් සිදුකරන්නේ නෑ අපේ නිලධාරීන් ඇස් මට්ටමින් තමයි පරීක්ෂා කරන්නේ. කිසිම අවස්ථාවක කිසිදු මධ්‍යස්ථානයක ප්‍රමාණය මත ලූනු ප්‍රතික්ෂේප වෙලා නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202602 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.