අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණේ මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේදීය.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 890ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
සැකකරුව මෝදර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු බවටත් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
