ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරු හතරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (01) මෙම අනතුරු සිදුව තිබුණේ නිට්ටඹුව, තලාව, හෙට්ටිපොල සහ පුත්තලම යන පොලිස් වසම්වලදීය.
කොළඹ – මහනුවර මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව හා යතුරුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී පදික කාන්තාව මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, තිහාරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවකි.
මේ අතර තලාව 419 ගම්මානය මාර්ගයේ නව හඟුරන්කෙත හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි අත්ට්‍රැක්ටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් 29 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇත.
මේ අතර හලාවත – කුරුණෑගල මාර්ගයේ තෝරගල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, මැදදඹුව, බිංගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙකි.
මේ අතර පුත්තලම – අනුරාධපුරය මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේදී ලොරි රථයක් ඊට ඉදිරියෙන් එම දිශාවටම ධාවනය කළ තවත් ලොරි රථයක පිටුපස ගැටී එහි පිටුපස ගමන් කළ කාන්තාවන් සිව්දෙනෙකු මාර්ගයට ඇද වැටීමෙන් අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාවන් සිව්දෙනා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී එක් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, එරුක්කලම්පිට්ටි, මන්නාරම ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවකි.
