Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාව රිමාන්ඩ්

    November 1, 2025

    රජරට ආචාර්යවරුගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර වෙයි

    November 1, 2025

    ඔක්තෝබරයේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 150,000 ඉක්මවයි

    November 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාව රිමාන්ඩ්
    Featured

    පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාව රිමාන්ඩ්

    By LFNNovember 1, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරිනු කාන්තාව ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    ඇය අද (11) උඩුගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

    මෝටර් රථයක් ධාවනය කර ඇති සැකකාර කාන්තාව රථවාහන වරදක් සම්බන්ධයෙන් නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ දරා ඇති අතර එහිදී ඇය පොලිස් අන නොතකා පළාගොස් තිබුණි.

    පසුව එම මෝටර් රථය හඹා ගිය පොලිස් නිලධාරීන් උඩුගම්පොළ ප්‍රදේශයේදී එම රථය නතර කර පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී එම කාන්තාව තමා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ නැගනියක බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කර තිබුණි.

    සැකකාරිය කළහකාරී ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ද පලවී තිබූ අතර පසුව ඇය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    සැකකාර කාන්තාව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ නැගනියක බවට සිදුකළ ප්‍රකාශය අසත්‍යක් බවට අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේ.

    දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අදාළ කාන්තාව අන්තරාදායක හා අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය, පොලිස් සංඥා නොතැකීම, සාපරාධී බලහත්කාරය පෑම හා අන් අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා යටතේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රජරට ආචාර්යවරුගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර වෙයි

    November 1, 2025

    ඔක්තෝබරයේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 150,000 ඉක්මවයි

    November 1, 2025

    නොවැම්බර් මාසයේ ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

    November 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,332 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාව රිමාන්ඩ්

    November 1, 20250125 Views

    රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරිනු කාන්තාව…

    රජරට ආචාර්යවරුගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තීව්‍ර වෙයි

    November 1, 2025

    ඔක්තෝබරයේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 150,000 ඉක්මවයි

    November 1, 2025

    නොවැම්බර් මාසයේ ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

    November 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.