Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඔක්තෝබරයේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 150,000 ඉක්මවයි
    Featured

    ඔක්තෝබරයේ මෙරටට පැමිණි සංචාරකයින් ගණන 150,000 ඉක්මවයි

    By LFNNovember 1, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඔක්තෝබර් මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 153,063ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ඔක්තෝබර් මාසයේ මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළදී ඉන්දියාවෙන් සංචාරකයින් 44,741ක් පැමිණ ඇති අතර එය 29.2% කි.

    තවද, එක්සත් රාජධානියෙන් 12,128ක්, රුසියාවෙන් 10,450ක්, චීනයෙන් 10,408ක්, ජර්මන් 8,950ක් සහ ඔස්ට්‍රේලියානු ජාතිකයින් 7,226ක් ද ඔක්තෝබර් මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

    ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට ඔක්තෝබර් 29 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,878,557කි.

    ඒ අතරින් සංචාරකයින් 420,033ක් ඉන්දියාවෙන්, 132,594ක් රුසියාවෙන් සහ 174,021ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

    මේ අතර ලොව පුරා ශීත ඍතුව එළැඹීමත් සමගම පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක සිට එරට සංචාරකයන් රැගත් ගුවන් යානා දෙකක්, ඊයේ (31) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

    ඊයේ උදෑසන 09.50ට පමණ පෝලන්තයේ කටෝවිස් ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත එම යාන පැමිණි අතර, ඒවා ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබීය.

    මෙහි දෙවන ගුවන් ඊයේ දහවල් 11.00ට පමණ පෝලන්තයේ වෝර්සෝ නුවර සිට සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

    මෙම ගුවන් යානා දෙකෙහි ගුවන් මගීන් 378 දෙනෙකු සහ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 16 දෙනෙකු සිටි බව වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202602 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.