ඔක්තෝබර් මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 153,063ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ඔක්තෝබර් මාසයේ මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළදී ඉන්දියාවෙන් සංචාරකයින් 44,741ක් පැමිණ ඇති අතර එය 29.2% කි.
තවද, එක්සත් රාජධානියෙන් 12,128ක්, රුසියාවෙන් 10,450ක්, චීනයෙන් 10,408ක්, ජර්මන් 8,950ක් සහ ඔස්ට්‍රේලියානු ජාතිකයින් 7,226ක් ද ඔක්තෝබර් මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට ඔක්තෝබර් 29 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,878,557කි.
ඒ අතරින් සංචාරකයින් 420,033ක් ඉන්දියාවෙන්, 132,594ක් රුසියාවෙන් සහ 174,021ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
මේ අතර ලොව පුරා ශීත ඍතුව එළැඹීමත් සමගම පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක සිට එරට සංචාරකයන් රැගත් ගුවන් යානා දෙකක්, ඊයේ (31) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.
ඊයේ උදෑසන 09.50ට පමණ පෝලන්තයේ කටෝවිස් ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත එම යාන පැමිණි අතර, ඒවා ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබීය.
මෙහි දෙවන ගුවන් ඊයේ දහවල් 11.00ට පමණ පෝලන්තයේ වෝර්සෝ නුවර සිට සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානා දෙකෙහි ගුවන් මගීන් 378 දෙනෙකු සහ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 16 දෙනෙකු සිටි බව වාර්තා වෙයි.
