Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට තීරණයක්
    Featured

    සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනයට තීරණයක්

    By LFNNovember 1, 2025No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ පහසුව සහ වඩා වැඩි ප්‍රතිලාභ හිමිකරදීම අරමුණු කරගනිමින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මේ හරහා අධිභාර, අධිභාර අයකිරීම් යාන්ත්‍රණය වඩා ඵලදායී තත්ත්වයට ගෙන ඒම, වානිජ බැංකු වෙනුවට සේවක අර්ථසාධක අරමුදල හරහා එහි සාමාජිකයින්ට ණය පහසුකම් ලබා දීම, පිරිමි සහ කාන්තා ශ්‍රමික දෙපාර්ශ්වයේ හිමිකම් සම්බන්ධයෙන් පවතින අසමානතා ඉවත් කිරීම ආදී කරුණු මෙම පනත මගින් සංශෝධනය කිරීමට යෝජිත බවය.

    මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් පසුගිය (30) දිනයේදී කම්කරු උපදේශක සභාවේදී අවධානය යොමු කර තිබේ.

    ඒ සඳහා කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මෙන්ම ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය මෙන්ම වෘත්ති සමති නියෝජිතයින්ද එක්ව ඇත.

    මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ සේවා යෝජකයින්ගෙන් අධිභාර අයකර ගැනීමේ යාන්ත්‍රණය සංකීර්ණ නොවිය යුතු බවත් ඒ හරහා කඩිනමින් අදාළ අයකිරීම් සිදුකර ගැනීමට අවස්ථාව උදා වන බවත්ය.

    මේ අතර වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව ඇති අතර එහිදී අදහස් දක්වමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කර ඇත්තේ වතු සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තුවක් තබා ගත හැකි බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.