හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන පවතින ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ වන අලි මෙහෙයුමක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
නොවැම්බර් මස 02වනදා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අන්දරවැව, රිදීගම, ලියන්ගස්තොට, බැරගම, හම්බන්තොට ඇතුළු ප්‍රදේශවල ගම්වැදී සිටින වන අලි පලවා හැරීම මෙම වැඩසටහන යටතේ සිදු කිරීමට නියමිතය.
මේ සඳහා වන ජීවී නිලධාරීන්ට අමතරව පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම ප්‍රදේශවාසීන් ද සහභාගී කරවා ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.
 
		