Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දීමට 1818 ක්ෂණික ඇමතුම් අංකය

    October 30, 2025

    අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවෙයි – අග්‍රාමාත්‍යවරිය

    October 30, 2025

    ඩයනා ගමගේට එරෙහි නඩුවක සාක්ෂි විභාගය ඇරඹේ

    October 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මායාකාරී කුණාටුවෙන් ජාතිය ගලවා ගන්නවා – ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දී ජනපතිගෙන් පොරොන්දුවක්
    Featured

    මායාකාරී කුණාටුවෙන් ජාතිය ගලවා ගන්නවා – ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දී ජනපතිගෙන් පොරොන්දුවක්

    By LFNOctober 30, 2025No Comments5 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    මත්ද්‍රව්‍ය රට වෙලාගත් මායාකාරී ව්‍යවසනයක් බවත් එය පරාජයට පත්කිරීමට තමා කටයුතු කරන අතර, දරුවන්, පොදු සමාජය හා ජාතිකයක් ලෙස මුළු මහත් රටම මෙම මයාකාරී ව්‍යවසනයේ ගොදුරු බවට පත්වෙමින් තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

    මේ අතර තරුණ පරම්පරාව මත් උවදුරේ විශාලතම ගොදුර බවට පත්ව ඇතැයි ද සඳහන් කළ ජනාධිපතිවරයා, මේ වනවිට ගම් නියම් ගම්කරා මෙම මායාකාරී කුණාටුව පැතිරෙමින් පවතින බව ද පැවසීය.

    “දරුවා බිහිවෙන මොහොත් අම්මා තාත්තාගේ විශාල බලාපොරොත්තුවක් පොඳි බැඳුණා. හැබැයි තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ දරුවා විනාශයට පත්වෙමින් තිබෙනවා. අම්මා විශාල වේදනාවකට ලක්වෙමින් සමාජයෙන් කොන්වෙමින් තිබෙනවා.

    අපිට මත්ද්‍රව්‍ය කිලෝ 800 – 900 හම්බවෙනවා. අපි තේරුම් ගන්න ඕනේ එන ඔක්කෝම අපි අල්ලලා නෑ. අල්ලනවා නම් එන්නේ නෑ. මේ නිසා ඔවුන් දන්නවා මේ අල්ලන ප්‍රමාණය එන ප්‍රමාණයෙන් සුළු ප්‍රමාණයක්. හැබැයි අත්අඩංගුවට ගන්න ප්‍රමාණයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ සපයන ප්‍රමාණය මොන තරම් විශාලත්වයක් ඇත්ද කියා. කිලෝ 800 කෝටි 1500කට විකිණෙනවා. ඒ නිසා විශාල මුදල් ප්‍රමාණයක් මේ ව්‍යාපාරය හරහා ගොඩනැගිලා. එකවිට මහා කළු ව්‍යාපාර ගොඩනඟන ජාවාරමක් බවට මේ ව්‍යවසනය පත්වෙලා. ඔවුන් අතර මෙම වෙළෙඳපොළ බෙදාගැනීමට ගැටුම් නිර්මාණය වෙලා. මෑත කාලයේ වෙඩි තැබීම් සියල්ල එක් එක් කණ්ඩායම් අතර සිදුවීම්. තැන තැන වෙඩි තැබීම් සිදුවෙලා තියෙනවා. මේ සියල්ල මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වෙමින් සිදුවෙලා. ඒ තරම් වෙඩි උණ්ඩ, ගිනිඅවි, වෙඩිතැබීමේ ආරක්ෂාව කොහොමද නිර්මාණය වුණේ ? රටක ආරක්ෂාව වෙනුවෙන් ගොඩනැඟුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා. හැබෑමට සිදුව ඇත්තේ ඔවුන් සතුව ඇති මූල්‍යමය බලය මත රාජ්‍ය යාන්ත්‍රණය ආක්‍රමණය කරලා. ඒ නිසා තවදුරටත් මේ තත්ත්වය සඟවමින් මේ තත්ත්වයට මුහුණදෙන්න බෑ.

    ඔවුන් අත ගිනිඅවි සැරිසරනවා. ඔවුන් ගිනිඅවි නිෂ්පාදකයෝ නෙමෙයි. බලපත්‍ර සහිත ගිනිඅවි ගැනීමේ බලය තියෙන්නේ රාජ්‍යයකට. රාජ්‍ය සතු ගිනිඅවි ඔවුන් අතට ගියේ කොහොමද ? දැනට වාර්තා වුණා සමහර හමුදා කඳවුරුවලින් ටී 56 ගිනිඅවි 73ක් ඒ අය අතට ගිහින්. එයින් 35ක් අත්අඩංගුවට අරන් 38ක් ඔවුන් අත සැරිසරනවා. රජය සතු ආයුධ. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය උණ්ඩ අපි අත්අඩංගුවට ගත්තා.හමුදාවේ ප්‍රධාන කර්නල්වරයෙක් උණ්ඩ සපයලා තියෙනවා. ඒ වෙනුවට බැංකුවට මුදල් ඇවිත් තියෙනවා. රජය සතු ගිනිඅවි පොලීසියේ මහත්තයෙක් විකුණලා පලායනවා. ගිනිඅවි විකුණනවා. සන්නද්ධ කණ්ඩායම් සතු මුදල් බලය අපේ රාජ්‍ය යාන්ත්‍රණය ගිලගැනීමට සමත් වෙලා.”

    පොලීසිය, යුද හමුදාව මෙම මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට විශාල මෙහෙවරක් සිදුකළ ද අතළොස්සක් පිරිස සිදුකරන මෙම කටයුතු හේතුවෙන් කළු රාජ්‍යයක් බිහිවෙමින් පවතින බව ද ජනාධිපතිවරයා පැවසීය.

    ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් පාතාල නායකයින්ට පාස්පෝට් සකස් කර දී ඇති බව ද පැවසූ ජනාධිපතිවරයා, එවැනි ක්‍රියා හේතුවෙන් රාජ්‍ය විනාශයට පත්ව ඇතැයි ද කියා සිටියේය.

    නිල රාජ්‍ය යාන්ත්‍රණය තරම් ප්‍රබල නොවුණත් ඒ හා සමාන රාජ්‍ය යාන්ත්‍රණයක් පාතාලය විසින් සපුරාගෙන ඇතැයි පැවසු ජනාධිපතිවරයා, කළු යාන්ත්‍රණය විනාශ කළ යුතු යැයි ද පැවසීය.

    “මේ රටේ රාජ්‍යයන් දෙකක් තියෙන්න බෑ. තියෙන්න පුළුවන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය මඟින් පිහිටවනු ලැබූ රාජ්‍ය විතරයි. කළු රාජ්‍ය විනාශ කරනවා. මෙතැනින් නතර වෙන්නේ නෑ. මෙය වර්ධනය වෙමින් ඇත්තේ කොතැන ද? දැන් දේශපාලන පක්ෂ ඇතුළට එනවා, මන්ත්‍රීවරු එනවා, සභාපතිවරු එනවා. වෙනම ලැයිස්තු හදලා ඡන්දවලට ඉදිරිපත් වෙලා දේශපාලන යාන්ත්‍රණයක් වෙලා. එක යුගයක දී එය දේශපාලනයේ ආරක්ෂාව. දැන් දේශපාලන ආධිපත්‍ය. ආණ්ඩුවක් පිහිටුවා ගැනීම දක්වා බීජ ව්‍යාප්ත වෙලා. මෙය දිගු කාලයක් පුරා දේශපාලන ආශිර්වාදය මත සිදුවන්නක්.”

    පොලීසියේ ඇතැම් නිලධාරීන් මෙම කටයුතුවලට සම්බන්ධ වුවත් වර්තමාන පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් මත්උවදුර තුරන් කිරීමට දැඩි වෙහෙසක් ගනු ලබන බව ද පැවසු ජනාධිපතිවරයා පොලිස් ඉතිහාසයේ වැඩිම පිරිසක් වැඩතහනමට ලක්ව ඇති යුගය මෙය බව ද කියා සිටියේය.

    රාජ්‍ය යාන්ත්‍රණය තුළ මෙම කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින් සිටී නම් වහාම ඉන් ඉවත්වන ලෙස පැවසු ජනාධිපතිවරයා කිසිවෙකුටත් සැඟවීමට හැකියාවක් නොමැති බව ද සඳහන් කළේය.

    මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ තරුණයින් හා පාසල් සිසුන් බේරාගැනීමට නම් ක්‍රීඩාව, සංගීතය ආදී කරුණු මත පදනම් වූ සංස්කෘතියක් අවැසි බවත් ඊට අදාළ වැඩසටහනක් ඉදිරියේ දී නිර්මාණය කරන බවත් පැවසු ජනාධිපතිවරයා, මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ පිරිස පුනරුත්තාපනය කිරීම අප සතු වගකීමක් බව ද පැවසීය.

    දැනටමත් ස්වෙච්ඡා පුනරුත්තාපන මධ්‍යස්ථාන ගොඩනඟා ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, දෙමාපියන්ට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ දරුවන් එම ස්ථානවලට ගෙනැවිත් භාරදෙන ලෙසත් ඉල්ලීමක් කළේය.

    අයවැයෙන් ඒ සඳහා විශාල මුදලක් වෙන්කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, ඉදිරියේ දී රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හමුදාව, බුද්ධි අංශ හා පොලීසිය යන සියල්ල එක වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් සකස් කරන බවත් ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කිසිවෙකුට විදෙස් ගත වීමට හෝ සැඟවී පලායෑමට ඉඩක් නොමැති බවත් ජනාධිපතිවරයා පැවසීය.

    “මතක තියා ගන්න මේක උන්ට ගිය රට නොවන බව…” යනුවෙන් පැවසු ජනාධිපතිවරයා ආගමික නායකයින් එක්කර ගනිමින් ද වැඩසටහන් කිහිපයක් සිදුකිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා ආගමික නායකයින්ගේ අනුශාසකත්වය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

    මෙම ව්‍යවසනය පිළිබඳ සමාජයට පණිවුඩයක් ලබාදීමේ වගකීම මාධ්‍ය සතු වන අතර, වගකීම් සහගත මාධ්‍යකරණයක නියැලිය යුතු බව ද අවධාරණය කර සිටි ජනාධිපතිවරයා, සියලු මාධ්‍ය ආයතන මත් ව්‍යවසනයෙන් රට මුදාගැනීමේ මෙහෙවරට සහාය දැක්වීමට එකඟත්වය පළ කර ඇතැයි ද පැවසීය.

    සංවිධානාත්මක අපරාධකරුවන්ට ආරෝපිත බලයක් දේශපාලනඥයින් තුළින් ලැබී ඇතැයි පැවසු ජනාධිපතිවරයා, ඒ තුළින් පරීක්ෂණ බිඳවැටෙන තත්ත්වයක් මතුව ඇතැයි ද කියා සිටියේය.

    “අපේ රටේ නොවිසිඳුණු හැම අපරාධයක් පසුපසම දේශපාලන ආරක්ෂාව තියෙනවා. එය පොලීසියේ අදක්ෂතාවය නොවේ. මම එකක් කියන්නම් ඔවුන්ගේ පළමු බලය දේශපාලන බලය දැන් අවසන් කර අවසන්. පොලීසිය කරන කාර්ය ගැන ඉතාම පැහැදීමෙන් ඉන්නේ. සමහර අය බයයි. අදත් සමහර අපරාධකරුවන් බන්ධනාගාර තුළ ඉඳලා මෙම ජාවාරම මෙහෙයවනවා. එහෙම කරන ගමන් ලයිව් බලාගෙන ඉන්නවා. මෑතකාලයේ වැලිගම සිද්ධිය. සමහරු බයෙන් ඉන්නවා. සමහරු සල්ලිවලට අහුවෙලා ඉන්නවා. අද ශ්‍රී ලංකා පොලීසිය ඒ අවදානම අරගෙන මේ මෙහෙයුම දියත් කිරීමට බැඳී සිටිනවා.පොලීසිය අපරාධකරුවාගේ සතුරා බවට පත්වෙනවා. තවත් ඉදිරියේ දී විවේචනයට ලක්වෙන පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ඉන්නවා.”

    උඩ සිට පහළට විහිඳුනු ජනතා හඬක් මත් ද්‍රව්‍ය තුරන් කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනඟන බවත් පැවසු ජනාධිපතිවරයා එය මෙම ව්‍යවසනයට එරෙහි ප්‍රබලතම හඬ සහ ආරක්ෂකයා එය බව ද පැවසීය.

    මම හිතනවා අපි ඔක්කෝම එකට එකතු වෙන්න ඕන වෙලාව මේක,රට එකට. මේ ව්‍යවසනයට එරෙහිව තනි තනිව පුද්ගලයෙකුට මොනතරම් බලාපොරොත්තුවක් තිබුණත් බෑ. රජයට පමණක් බෑ. පොලීසියට පමණක් බෑ. රාජ්‍ය යාන්ත්‍රණයට පමණක් බෑ. සියලුදෙනා එකතු වෙන්න ඕනේ. මේක තමා අවස්ථාව. අවසන් වශයෙන් ලොල්වුණ අයටයි, විකුණන අයටයි කියන්නේ, වහාම ඉවත්වෙමු. ඊට එරෙහි ප්‍රබලතම ව්‍යාපාරය ගොඩනඟමින් පවතිනවා. අනිවාර්යයෙන්ම මේ මායාකාරී කුණාටුව විනාශ කරනවා. මේ මායාකාරී කුණාටුවෙන් අපේ දරුවන්, සමාජය නිදහස් කරගන්නවා. මේ මායාකාරී කුණාටුවෙන් ජාතිය ගලවා ගන්නවා. ඒ වෙනුවෙන් අපි එකට එකතු වෙමු.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දීමට 1818 ක්ෂණික ඇමතුම් අංකය

    October 30, 2025

    අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවෙයි – අග්‍රාමාත්‍යවරිය

    October 30, 2025

    ඩයනා ගමගේට එරෙහි නඩුවක සාක්ෂි විභාගය ඇරඹේ

    October 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,331 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දීමට 1818 ක්ෂණික ඇමතුම් අංකය

    October 30, 20250120 Views

    විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය 24 පුරා…

    අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවෙයි – අග්‍රාමාත්‍යවරිය

    October 30, 2025

    ඩයනා ගමගේට එරෙහි නඩුවක සාක්ෂි විභාගය ඇරඹේ

    October 30, 2025

    හෙට GMOA වැඩවර්ජනයක්

    October 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.