Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    හැකර්වරුන් සිදුකළ සොරකමට එරෙහිව මුදල් අමාත්‍යාංශය නීතිමය පියවර ගනී

    April 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගිනිකොනදිග මුහුදේ දී ධිවර යාත්‍රාවක් අනතුරට
    Featured

    ගිනිකොනදිග මුහුදේ දී ධිවර යාත්‍රාවක් අනතුරට

    By LFNOctober 30, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වු බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් බේරාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවට අයත් විශේෂ නෞකාවක් පිටත් කර හැර තිබේ.

    නාවික හමුදාව සඳහන් කළේ, අදාළ නෞකාව මේ වන විට බහුදින ධීවර යාත්‍රාව අනතුරට පත් වු ස්ථානය වෙත පිටත් කර හැර ඇති බවය.

    ගිනිකොන දිග මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 300ක පමණ දුරින් මෙම ධීවර යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව සඳහන් ය.

    එහිදි අදාළ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව්දෙනෙකු ඉන්දුනීසියානු ධීවර බෝට්ටුවක් මඟින් මුදාගෙන ඇති බවට නාවික හමුදාව වෙත තොරතුරු ලැබී තිබේ.

    ඒ අනුව එම ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් මේ වන විට පිටත්කර හැර ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

    අනතුරට ලක් වූ අදාළ බහුදින ධීවර යාත්‍රාව පසුගිය අගෝස්තු 31 වන දින දෙවුන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාවක් බවට හඳුනාගෙන තිබේ.

    අදාළ ධීවර යාත්‍රාව පසුගිය 16 වන දින සිට අතුරුදන්ව ඇති බවට ධීවර යාත්‍රාවේ හිමිකරු දැනුම්දී ඇති බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    අනතුරට ලක් වූ යාත්‍රාව තුළ ධීවරයින් හය දෙනෙකු සිට ඇති අතර ඉන් සිව්දෙනෙකු ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවකින් බේරාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර අනෙක් ධීවරයින් දෙදෙනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව සඳහන් ය.

    අදාළ ධීවර යාත්‍රාව ආසන්නයෙන් ගමන් කරන වෙළෙඳ නෞකාවක් විසින් මෙම ධීවරයින් පිරිස ලබාගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව ඒ සඳහා කටයුතු කරමින් සිටින බව ද ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි

    April 23, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට සවසට මි.මී 75 ඉක්මවූ වැසි

    April 23, 2026

    පැළ සිටුවීමේ නැකත අදයි

    April 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි

    April 23, 202601 Views

    නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග…

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    හැකර්වරුන් සිදුකළ සොරකමට එරෙහිව මුදල් අමාත්‍යාංශය නීතිමය පියවර ගනී

    April 23, 2026

    හෝමූස් අරින්න ඉරානය බෑ කියයි

    April 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.