Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    හැකර්වරුන් සිදුකළ සොරකමට එරෙහිව මුදල් අමාත්‍යාංශය නීතිමය පියවර ගනී

    April 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉෂාරාට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් දුන් සැකකාර නීතිඥවරිය රඳවාගෙන ප්‍රශ්න කරයි
    Featured

    ඉෂාරාට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් දුන් සැකකාර නීතිඥවරිය රඳවාගෙන ප්‍රශ්න කරයි

    By LFNOctober 29, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥවරියගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 72ක් රඳවුම් නියෝග ලබාගෙන තිබේ.

    ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි ඉෂාරා සෙව්වන්දිට පිස්තෝලය සඟවා රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබාදී ඇත්තේ මෙම නීතීඥවරිය බව සඳහන් ය.

    මෙම නීතීඥවරිය ඊයේ (28) රාත්‍රියේ කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

    පසුගිය පෙබරවාරි 19වනදා නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ අධිකරණය වෙත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ ගණේමුල්ල සංජීව එම අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කෙරුණි.

    සිද්ධියේ වෙඩික්කරු එදිනම ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුව ද ගිනිඅවිය අධිකරණ භූමිය තුළට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දැරීය.

    ඇය පසුගිය 14වනදා නේපාලයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගැනීමට පියවර ගැනුණි.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් ඉෂාරා සෙව්වන්දිට පලා යාම සඳහා ආධාර අනුබල දුන් කිහිපදෙනෙකු ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි

    April 23, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට සවසට මි.මී 75 ඉක්මවූ වැසි

    April 23, 2026

    පැළ සිටුවීමේ නැකත අදයි

    April 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි

    April 23, 202603 Views

    නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග…

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    හැකර්වරුන් සිදුකළ සොරකමට එරෙහිව මුදල් අමාත්‍යාංශය නීතිමය පියවර ගනී

    April 23, 2026

    හෝමූස් අරින්න ඉරානය බෑ කියයි

    April 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.