Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    හැකර්වරුන් සිදුකළ සොරකමට එරෙහිව මුදල් අමාත්‍යාංශය නීතිමය පියවර ගනී

    April 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලොකු ලූනු මිලදී ගැනීමේදී රජයෙන් කොන්දේසි 17ක්
    Featured

    ලොකු ලූනු මිලදී ගැනීමේදී රජයෙන් කොන්දේසි 17ක්

    By LFNOctober 29, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය ලොකු ලූනු මිලදී ගැනීමේදී කොන්දේසි 17ක් ද පනවා තිබේ.

    ඒ් අනුව රජය මිලදී ගන්නා ලොකු ලූනු ගෙඩියක විෂ්කම්භය විය යුත්තේ මිලිමීටර් 35 – 65කි.

    විෂ්කම්භය මිලිමීටර් 65ට වැඩි සහ මිලිමීටර් 35ට අඩු ලොකු ලූනු තොග මිලදි ගැනීමේදී ද කොන්දේසි පනවා තිබේ.

    ඒ් අනුව එම ලූනු මුළු තොගයේ බරින් සියයට දහය ඉක්ම නොවිය යුතු වෙයි.

    එමෙන්ම මිලදී ගැනීමේ ප්‍රමිතියට අනුව ලොකු ලූනු කිලෝවක් සඳහා ගෙඩි අටක් පමණ අන්තර්ගත යුතු බවද රජය ලූනු ගොවීන්ට කොන්දේසි පනවා තිබේ.

    කෙසේ වෙතත්, රජයේ ලොකු ලූනු මිලදී ගැනීමේදී පනවා ඇති කොන්දේසි තමන්ට පීඩනයක් එල්ල කරන බව ගොවීන් පවසයි.

    සතොස සභාපති සමිත පෙරේරා මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි සඳහන් කළේ, සතොසට මිලදී ගනු ලබන්නේ යළි අලෙවි කළ හැකි මට්ටමේ නිෂ්පාදන බවය.

    මාතලේ අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්කවල ගොවීන් පසුගිය මාස කිහිපයක සිට ලොකු ලූනු අස්වැන්න නෙලීම ආරම්භ කළේය.

    කෙසේ වෙතත් නිසි මිලට තම අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීමෙන් ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසරණභාවයකටය.

    ඇතැම් ගොවීන්ගේ අස්වැන්න නිවෙස් තුළම විනාශ වී ගොස් ඇත.

    මෙවැනි පසුබිමක රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ සතොස මගින් දේශීය ගොවීන්ගේ ලොකු ලූනු අස්වැන්න මිලට ගැනීම ආරම්භ කර තිබේ.

    ඒ් අනුව ලොකු ලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 140 ගණනේ එක් ගොවියෙකුගෙන් රජය මිලදී ගන්නා ලූනු ප්‍රමාණය කිලෝග්‍රෑම් 2000කි.

    අද පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ රජයේ ලූනු මිලදී ගැනීමේ ගබඩාව ආසන්නයට පැමිණි ගොවීන් පැවසුවේ, මෙම ලූනු මිලදී ගැනීමේ කොන්දේසිවලින් තමන් පීඩාවට පත්වන බවය.

    අද පස්වරුව වන විටත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසළ ස්ථාපනය කර ඇති ලූනු මිලදී ගැනීමේ මධ්‍යස්ථානයට කිසිදු ගොවියෙකු ලූනු අළෙවි කර තිබුණේ නැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි

    April 23, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට සවසට මි.මී 75 ඉක්මවූ වැසි

    April 23, 2026

    පැළ සිටුවීමේ නැකත අදයි

    April 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි

    April 23, 202603 Views

    නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග…

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026

    හැකර්වරුන් සිදුකළ සොරකමට එරෙහිව මුදල් අමාත්‍යාංශය නීතිමය පියවර ගනී

    April 23, 2026

    හෝමූස් අරින්න ඉරානය බෑ කියයි

    April 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.