Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    April 23, 2026

    සරම්ප රෝගීන් දෙදෙනෙක් කොළඹින් හමුවෙයි – අනිවාර්යයෙන් එන්නත් ලබාගන්නැයි උපදෙස්

    April 23, 2026

    වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි

    April 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මත්පැන් නිෂ්පාදන මත බදු අයකිරීමේ කාලය සංශෝධනය කරයි
    Featured

    මත්පැන් නිෂ්පාදන මත බදු අයකිරීමේ කාලය සංශෝධනය කරයි

    By LFNOctober 28, 2025No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාලසීමාව සහ ගාස්තු අයකිරීම සඳහා අදාළවන රීතී සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    සෑම බලපත්‍රලාභියෙකුම සුරාබදු ආඥා පනතේ 22 වන වගන්තිය යටතේ නියමිත දිනට හෝ එම දිනට පෙර බදු ගෙවිය යුතු බවට ප්‍රකාශයට පත්කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    ඒ අනුව නියමිත දින සිට දින 30ක් ඇතුළත ගෙවිය යුතු බද්ද හෝ ගාස්තුව සම්පූර්ණයෙන් ගෙවීමට අපහොසත් වන බලපත්‍රලාභීයෙකුගේ බෝතල් කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව නව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

    මීට පෙර මෙම නීතිය ක්‍රියාත්මක නොවු අතර එය නව නීතියක් ලෙස හඳුන්වා දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ඊට අමතරව නියමිත දින සිට දින 90ක් ඉක්මවන කාලයක් සඳහා ගෙවිය යුතු බද්ද හා ගාස්තුව සම්පූර්ණයෙන් නොගෙවා ඇතිවිට එම බලපත්‍රලාභියාගේ සියලු බලපත්‍ර අත්හිටුවීමට නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

    මීට පෙර බලපත්‍ර අත්හිටුවීමේ කාලය මාස 6ක් දක්නා පැවති අතර එය මාස 3 දක්වා කෙටි කිරීමට නව ගැසට් පත්‍රය මඟින් පියවර ගෙන ඇති බව සුරාබදු දෙපර්තමේන්තුව සඳහන් කළේය.

    සුරාබදු ගෙවීම් පැහැර හැරීම අවම කිරීමේ අරමුණින් මෙම නව බදු ගෙවීමේ කාලසීමාව සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    April 23, 2026

    සරම්ප රෝගීන් දෙදෙනෙක් කොළඹින් හමුවෙයි – අනිවාර්යයෙන් එන්නත් ලබාගන්නැයි උපදෙස්

    April 23, 2026

    වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි

    April 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    April 23, 202600 Views

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.…

    සරම්ප රෝගීන් දෙදෙනෙක් කොළඹින් හමුවෙයි – අනිවාර්යයෙන් එන්නත් ලබාගන්නැයි උපදෙස්

    April 23, 2026

    වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.