Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    April 23, 2026

    සරම්ප රෝගීන් දෙදෙනෙක් කොළඹින් හමුවෙයි – අනිවාර්යයෙන් එන්නත් ලබාගන්නැයි උපදෙස්

    April 23, 2026

    වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි

    April 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බැකෝ සමන්ගෙන් අල්ලස් ගත් ඌවේ හිටපු ප්‍රවාහන බලධාරියෙකු ගැන තොරතුරු හෙළිවෙයි
    Featured

    බැකෝ සමන්ගෙන් අල්ලස් ගත් ඌවේ හිටපු ප්‍රවාහන බලධාරියෙකු ගැන තොරතුරු හෙළිවෙයි

    By LFNOctober 26, 2025No Comments2 Mins Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමාට අයත් සුඛෝපභෝගී බස් රථයක් මොනරාගල – කොළඹ මාර්ගයේ ධාවනය කිරීම සඳහා ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු ඔහුගෙන් මාසිකව රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලස් මුදලක් ලබාගත් බව බැකෝ සමන් අනාවරණය කර තිබේ.

    ඒ අනුව එම සභාපතිවරයා ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ඉදිරි සතියේදී බස්නාහිර උතුර පළාත් අපරාධ කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතය.

    කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන් නැමැත්තා මේවන විට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.

    ඔහුට අයත් රුපියල් කෝටි 8කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී බස් රථ 2ක් සොයා ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය පසුගියදා සමත් වුණේ ඒ අනුවය.

    ඔහු හෙළි කර ඇත්තේ මෙම බස් රථ දෙකෙන් එකක් කොළඹ – මොනරාගල මාර්ගයේ ධාවනය සඳහා බලපත්‍රයක් සකස් කර ගැනීම වෙනුවෙන් ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් තමාගෙන් රුපියල් ලක්ෂ තුනහමාර බැගින් අල්ලස් මුදලක් මාසිකව ලබාගත් බවය.

    එම බලපත්‍රය ඉකුත් මාර්තු මාසයේ කල් ඉකුත් වී ඇති අතර එහිදී හිටපු සභාපතිවරයා බැකෝ සමන්ගේ පාර්ශ්වයට දන්වා ඇත්තේ”ප්‍රශ්නයක් වුණොත් මම බලාගන්නම් බස් එක දුවන්න ” යනුවෙනි.

    බැකෝ සමන් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගේ මස්සිනා මෙම මුදල් ගනුදෙනු සියල්ල සිදුකර ඇති අතර ඒ අනුව පසුගිය මාසයේදී ද හිටපු සභාපතිවරයාගේ ගිණුමට එම මුදල බැර කර ඇති බව සඳහන් වේ.

    ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයාට එම තනතුර අහිමි වීමෙන් පසුවත් ඔහුට එම මුදල ලබාදුන් බවත් ඒ තමාට කළ උපකාරය වෙනුවෙන් බවත් බැකෝ සමන් පවසා ඇත.

    මේ පිළිබඳ ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා හිටපු සභාපතිවරයා ඉදිරි සතියේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    April 23, 2026

    සරම්ප රෝගීන් දෙදෙනෙක් කොළඹින් හමුවෙයි – අනිවාර්යයෙන් එන්නත් ලබාගන්නැයි උපදෙස්

    April 23, 2026

    වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි

    April 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    April 23, 202600 Views

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.…

    සරම්ප රෝගීන් දෙදෙනෙක් කොළඹින් හමුවෙයි – අනිවාර්යයෙන් එන්නත් ලබාගන්නැයි උපදෙස්

    April 23, 2026

    වාහන අංක තහඩු මැයි අග සිට – හිමිකරුගේ නම යෙදූ අංක තහඩුත් දෙන්න සැරසෙයි

    April 23, 2026

    අමෙරිකානු නාවික හමුදා ලේකම් ඉල්ලා අස්වෙයි

    April 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.