Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන් ඇනහිටියි
    Featured

    රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන් ඇනහිටියි

    By LFNOctober 14, 2025No Comments2 Mins Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud – LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම් එල්ල වී ඇත.

    මෙම සේවාවන් අතර, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ (BMD) සහතික නිකුත් කිරීමේ පද්ධතිය, පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (බස්නාහිර පළාත හැර) මාර්ගගත ආදායම් බලපත්‍ර පද්ධතිය (eRL 2.0), පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිෂ්කාශන සහතික පද්ධතිය, වාණිජ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත රට සහතික නිකුත් කිරීමේ මාර්ගගත පද්ධතිය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් පද්ධතිය, ඊ – පළාත් පාලන පද්ධතිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක වෙබ් අඩවි මීට අයිති වේ.

    තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ඉංජිනේරුවන් සහ සේවා සැපයුම්කරුවන්, මෙම ක්ලවුඩ් සේවාවන් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාශීලීව කටයුතු කරමින් සිටී.

    මේ අතරතුර, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, සහතික පිටපත්, අදාළ මුල් සහතික පත් නිකුත් කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තොරතුරු පද්ධති වල සහය නොමැතිව (Manually) ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

    පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම පාර්ශ්වකාර ආයතන වෙත පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රගතිය පිළිබඳව නිසි පරිදි දැනුම් දී ඇත.

    LGC සේවාවන් නැවත ස්ථාපිත කිරීම සඳහා උපරිම ප්‍රමුඛතාවය ලබා දී ඇති අතර, 2025 ඔක්තෝබර් මස දී ආරම්භ කරන ලද LGC ව්‍යාප්තියේ මීළඟ අදියර ක්‍රියාත්මක කිරීම තුළින් පවතින ධාරිතා සහ මෙභෙයුම් සීමාවන් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.

    ICTA ආයතනය මහජනතාවට සහ LGC හි සත්කාරකත්වය දරන ආයතනවලට සිදු වූ අසීරුතාවය පිළිබඳව තම බලවත් කනගාටුව පළ කරන අතර, හැකි ඉක්මනින් මාර්ගගත සේවාවන්හි පූර්ණ ධාරිතාව යථා තත්ත්වයට පත් කිරීමට සියලු ප්‍රයත්නයන් දරන බව යළිත් සහතික කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.