Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
    Featured

    මාරක අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

    By LFNOctober 13, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයින පුරා සිදුවූ මාරක අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

    පොලීසිය සඳහන් කර ඇත්තේ මෙම අනතුරු ඊයේ (12) දිනයේදී පුනරීන් සහ හුංගම ප්‍රදේශයන් හී සිදුව ඇති බවය.

    ඒ අනුව පුනරින් පොලිස් වසමේ පරන්තන් පුනරීන් ප්‍රධාන මාර්ගයේ 20 කිලෝමීටර් කණුව ආසන්නයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වාහනයක ගැටී තිබේ.

    අනතුරින් පසු අදාළ වාහනය නොනවත්වා ධාවනය කර පලා ගොස් ඇති අතර අනතුරට පත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය පැවසීය.

    සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 82ක් වූ පුනරීන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අනතුර සිදුකළ වාහනය සහ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා පුනරීන් පොලීසිය විමර්ශනයක්ද ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    මේ අතර ඊයේ සවස් කාලයේදී හුංගම පොලිස් වසමේ තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ බටඅත ප්‍රදේශයේදී හුංගම දෙස සිට තංගල්ල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී තිබේ.

    අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, කැබ් රථයේ රියදුරු හා එම කැබ් එථයේ ගමන් කළ කාන්තාවක් බරපතළ තුවාල ලබා රන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රීරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 33ක් වූ රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.