Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 4 පනී

    February 14, 2026

    මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අපරාධ රැසක තොරතුරු එළියට

    February 14, 2026

    විනාශ කරන අන්තරායදායක ඖෂධ සම්බන්ධයෙන් චක්‍රලේඛයක්

    February 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගල්කිස්ස අධිකරණ භූමියේ ආවේගශීලී වූ නිතීඥවරයා ගැනත් විමර්ශනයක්
    Featured

    ගල්කිස්ස අධිකරණ භූමියේ ආවේගශීලී වූ නිතීඥවරයා ගැනත් විමර්ශනයක්

    By LFNOctober 12, 2025No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පසුගිය (10) පොලිස් නිලධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් මේ වන විට විර්මශනයක් ආරම්භ කර ඇත.

    නීතීඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

    ඒ අනුව මෙම සිදුවීමට අදාළ නීතීඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම සම්බන්ධයෙන් මෙසේ විර්මශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

    සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා හට නීතීඥවරයා විසින් බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම නීරීක්ෂණය වන වීඩියෝ දර්ශන ඇතුලත් සී.ඩී තැටියක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

    සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පුද්ගලයින් කීප දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 4 පනී

    February 14, 2026

    මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අපරාධ රැසක තොරතුරු එළියට

    February 14, 2026

    විනාශ කරන අන්තරායදායක ඖෂධ සම්බන්ධයෙන් චක්‍රලේඛයක්

    February 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 4 පනී

    February 14, 20260115 Views

    2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 400,000 ඉක්මවා ගොස් ඇති බව…

    මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අපරාධ රැසක තොරතුරු එළියට

    February 14, 2026

    විනාශ කරන අන්තරායදායක ඖෂධ සම්බන්ධයෙන් චක්‍රලේඛයක්

    February 14, 2026

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    February 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.