Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ හිඟ වරිපනම් බදු බිලියන 4කට වැඩි ප්‍රමාණයක් ඇති බවට අනාවරණයක්
    Featured

    කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ හිඟ වරිපනම් බදු බිලියන 4කට වැඩි ප්‍රමාණයක් ඇති බවට අනාවරණයක්

    By LFNOctober 12, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ හිඟ වරිපනම් බදු ලෙස රුපියල් බිලියන 4කට අධික ප්‍රමාණයක් තවමත් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ.

    ඒ පසුගියදා කොළඹ මහ නගර සභාව පසුගියදා කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ දීය.

    එහිදී කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මහනගර සභාවේ නිලධාරීන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න යොමුකරමින් අසා සිටියේ, “ගියපාර පෙබරවාරි මාසයේදී දුන් නිර්දේශවලින් එකක් තමයි මිලියන 610ක හිඟ වරිපනම් එකතු කිරීමක් තිබුණා කොටුව කොට්ඨාසයෙන් පමණක්. එතනදි තීරණය කරලා මහ නගර සභාවම එකඟ වුණා එදා ඒ කොට්ඨාසවල තිබෙන හිඟ මුදල් එකතුකිරීමේ ප්‍රවනතාවය වැඩි කරනවා කියලා. හැබැයි මිලියන 53ක ගාණක් ජුනි මාසය වන විට එකතුවෙලා තිබුණේ. දැන් වෙනකොට වැඩි වුණාද දන්නේ නැහැ. එකක් තමයි ඒ එකතුකිරීමේ ප්‍රවණතාවයේ ප්‍රශ්නය. දෙක සමස්ත හිඟ මුදල මිලියන හාරදහස් ගාණනක්. ඒ කියන්නේ බිලියන හතරක ගණනක් තියෙනවා කොට්ඨාස 47න්ම. මේවා විදිමත් කරන්න කියලා අපි ඉල්ලුවා. ඒකේ කොයි කොට්ඨාසවලින්ද? කොච්චර පරණ ඒවද ? ළඟදි තියෙන ඒවා මොනවද ? ගන්න පුළුවන් ඒවා මොකක්ද ? බැරි ඒවා මොකක්ද ? ඒ ගැන තමයි අපි අහන්නේ.” යනුවෙනි.

    ඊට පිළිතුරු දෙමින් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නාගරික භාණ්ඩාගාරික නන්දන රාජපක්ෂ මහතා පවසා සිටියේ, “කොටුවේ හිඟ වරිපනම් අපිට මිලියන 610ක් තිබුණා. මේ හිඟය අය කරගන්න තිබෙන්නේ අපේ නගර සභා පනත යටතේ. බදු ගෙවන්නන්ගේ දේපොළ තහනම් කිරීමට තිබෙන ක්‍රමවේදය බලාත්මක කිරිමෙන් තමයි. කොටුවේ තිබුණ හිඟ දේපොළ 3747ක්. ඒ 3747න් ඩිමාන්ඩ් නොටිස් එක යවනකොට දේපොළ නැහැ කියලා හඳුනා ගත්තා දේපොළ 94ක් තිබුණා. ඊට පස්සේ දේපොළ 2914කට අපි සීස් නෝටිස් යැව්වා. ලක්ෂයට වැඩි දේපොළ 840 තිබුණා පිටිකොටුවේ. එකේ අපි වොරන්ට් කොස්ට් එක මිලියන 533ක්. එකෙන් මිලියන 108ක් අපි එකතුකරල තියෙනවා. ඊළඟට ලක්ෂයට අඩු දේපොළ තියෙනවා 2907ක්. ඒකෙදි මිලියන 39ක් අයකරලා තියෙනයා. ඒකේ මුළු වටිනාකම කොටුවේ මිලියන 148 එකතුකරලා තියෙනවා.” යනුවෙනි.

    ඉන් අනතුරුව අදහස් දැක්වූ කොළඹ නගරාධිපති ව්‍රරායි කැලී බල්තසාර් මහත්මිය පැවසුවේ කොළඹ නගර සභාවේ සිදුවන කටයුතු කඩිනමින් නිවැරදි කර ගැනීමට කටයුතු කරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.