Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව ගැන මාර්ගෝපදේශ මාලාවක්

    April 23, 2026

    ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

    April 23, 2026

    ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ ‘දිනුෂ’ රිමාන්ඩ්

    April 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක්
    Featured

    රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක්

    By LFNOctober 11, 2025No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා නවක සෞඛ්‍ය වෘත්තිකයින් 309ක් සඳහා පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට ඊයේ (10) එක්වෙමිනි.

    එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි වසර 10ට සරිලයන ලෙස සියලු අංශ ආවරණය වන ආකාරයට සුවපත් රටක් උදෙසා මෙම සෞඛ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කරන බවය.

    ඒ අනුව එහිදී විශේෂයෙන්ම බෝ නොවන රෝග පාලනය, ප්‍රතිකාර කිරීම, මානසික සෞඛ්‍ය පෝෂණය වැනි ක්ෂේත්‍ර සඳහාද වැඩි අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    එමෙන්ම මෙයට සමගාමීව උපාය මාර්ගික සැලසුම්ද සකස් කරමින් සිටින බවත් පැවසූ අමාත්‍යවරයා මෙම වර්ෂය අවසන් වීමට පෙර එම කටයුතු අවසන් කිරීමට හැකිවෙනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

    මේ අතර සෞඛ්‍ය කාර්ය සහයකයින් 2,900ක හිඟයක් පවතින බව හඳුනාගෙන ඇති බවත් එයින් 1,900ක පුරප්පාඩු මේ වසර අවසන් වීමට පෙර පිරවීමට හැකිවෙනු ඇතැයිද අවධාරණය කළ අමාත්‍යවරයා කිසිදු ප්‍රමාදයකින් තොරව නිසි සැලසුමකට අනුව එම ප්‍රමාණය බඳවා ගැනීම් සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව ගැන මාර්ගෝපදේශ මාලාවක්

    April 23, 2026

    ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ ‘දිනුෂ’ රිමාන්ඩ්

    April 23, 2026

    විශේෂ අංක තහඩුවෙන් RMVයට කෝටි 118ක ආදායමක්

    April 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව ගැන මාර්ගෝපදේශ මාලාවක්

    April 23, 202607 Views

    එළඹෙන වෙසක් සහ පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ…

    ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

    April 23, 2026

    ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ ‘දිනුෂ’ රිමාන්ඩ්

    April 23, 2026

    විශේෂ අංක තහඩුවෙන් RMVයට කෝටි 118ක ආදායමක්

    April 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.