Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පුවක්දණ්ඩාවේ සනා සහ ආණ්ඩුවේ සබඳතාව ගැන විමල්ගේ සාක්ෂිය මාධ්‍යට

    October 10, 2025

    හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි

    October 10, 2025

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහේෂ්ගේ මස්සිනා ආයුධ සමග මාට්ටු

    October 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පුවක්දණ්ඩාවේ සනා සහ ආණ්ඩුවේ සබඳතාව ගැන විමල්ගේ සාක්ෂිය මාධ්‍යට
    Featured

    පුවක්දණ්ඩාවේ සනා සහ ආණ්ඩුවේ සබඳතාව ගැන විමල්ගේ සාක්ෂිය මාධ්‍යට

    By LFNOctober 10, 2025No Comments2 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටීම සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි සඳහන්ව ඇත්තේ එම කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය සම්බන්ධව විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ආරම්භ කර ඇති විමර්ශනය සම්බන්ධව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවය.

    ඒ අනුව විමල් වීරවංශ මහතාගෙන් එම කොට්ඨාසය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පහත සඳහන් ආකාරයට පිළිතුරු ලබා දුන් බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

    01. වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය තමා විසින් කිසි දිනක දැක නොමැති බවත් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස කිසිදු අවස්ථාවක හඳුනා ගෙන නොමැති බවය.

    02. මත්ද්‍රව්‍ය ගෙන එන්නේ රාජ්‍ය අනුග්‍රහය මත හා මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන්නේ රාජ්‍ය අනුග්‍රහය මත බව තමා පැවසුවේ පවතින පොදු තත්වය මත මිස මෙම සිදුවීම සම්බන්ධව නොවන බවත්ය.

    03. වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු බව පැවසුවේ එම දිනවල මාධ්‍ය මගින් අනාවරණය කල තොරතුරු මත බවය.

    04. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ගරු ජනාධිපති තුමා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවකදී වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා පුවක්දණ්ඩාවේ සනා යන අයගේ නිවසට පැමිණ ආහාර ගත් බව නොව එම ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ආහාර ගත් බව තමා විසින් දැන ගත් බවය.

    05. වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වූයේ රාජ්‍ය අනුග්‍රහයෙන් එවැනි ප්‍රමාද කිරීමක් සිදු කල හැකි බවට තමා තුල පැවති විශ්වාසය හේතුවෙන් බවත්ය.

    ඒ අනුව 2025.10.02 වන දින මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදු කරන ලද ප්‍රකාශ වලට අදාලව කරුණු තහවුරු කිරීමේ කිසිදු සාක්ෂියක් ඔහු විසින් ඊයේ (09) දින ප්‍රකාශ ලබා දෙන අවස්ථාවේදී ඉදිරිපත් කර නොමැත.

    එබැවින් දැන දැනම අසත්‍ය බව දන්නා වූ හෝ අසත්‍ය බව විශ්වාස කරන්නාවූ යම් තොරතුරක් හෝ යම් කරුණක් ප්‍රකාශ කිරීම සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බවත් පොලීසිය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

    තවදුරටත් මේ සම්බන්ධව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි

    October 10, 2025

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහේෂ්ගේ මස්සිනා ආයුධ සමග මාට්ටු

    October 10, 2025

    අතුරුදන් වූ එක් සිසුවෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි

    October 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,374 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,317 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,554 Views
    Don't Miss

    පුවක්දණ්ඩාවේ සනා සහ ආණ්ඩුවේ සබඳතාව ගැන විමල්ගේ සාක්ෂිය මාධ්‍යට

    October 10, 20250115 Views

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව තංගල්ල…

    හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහි නඩුව විභාගයට දිනදෙයි

    October 10, 2025

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මහේෂ්ගේ මස්සිනා ආයුධ සමග මාට්ටු

    October 10, 2025

    අතුරුදන් වූ එක් සිසුවෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි

    October 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.