දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග ජාතික සුදුසුකම් සලකා බැලීමේ විභාග ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය
දහම් පාසල් අධ්‍යාපනය සඳහා සිසුන් වැඩි වශයෙන් යොමුකිරීමේ අරමුණින් යුතුව මෙම තීරණය ගෙන ඇත.