Foreign

ඊශ්‍රායලය දියත් කළ කේලමා

හමුදා බුද්ධි කටයුතු සඳහා භාවිත කළ හැකි උසස් තත්ත්වයේ ඡායාරූප ලබා ගැනීමට සමත් ඔත්තු සේවා. චන්ද්‍රිකාවක් දියත් කිරීමට ඊශ්‍රායලය අද (06) කටයුතු කළේය.

එයින් ලබාගන්නා ප්‍රථම ඡායාරූප පෙළ සතියකින් පමණ ලැබීමට නියමිත ය.

නව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැඩි විස්තර හෙළි නොකළ ද ඊශ්‍රායලයේ රාජ්‍ය ගුවන්විදුලිය පැවසුවේ කලාපීය එදිරිවාදියා වන ඉරානයේ න්‍යෂ්ටික කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීමට එය යොදා ගන්නා බවය.

නමුත් න්‍යෂ්ටික වැඩසටහනට හමුදාමය සම්බන්ධයක් හෝ මානයක් නොමැති බව ඉරානය පවසයි.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය බෙනී ගෑන්ට්ස් පැවසුවේ ඊශ්‍රායලයේ ආරක්ෂාවට ඔත්තුසේවා ශක්තිමත්ව පැවතීම “අත්‍යවශ්‍ය” බවය.

More from Foreign

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ප්‍රචාරක කටයුතු අරඹයි

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් ආරම්භ කර තිබේ. නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණය සැප්තැම්බර් මස 19 වන දින පැවැත්වීමට නියමිත අතර ඊට අදාළව සිය පක්ෂය වන කම්කරු පක්ෂයේ ප්‍රචාරක කටයුතු අග්‍රාමාත්‍යවරිය විසින් ඊයේ (05) දිනයේ ආරම්භ කර … read more

ඉන්දියාවේ Tik Tok තහනමින් චීනයට විශාල පාඩුවක්

ඉන්දියාව විසින් පැනවූ තහනම හේතුවෙන් ‘ටික් ටොක්‘ යෙදවුම අයත් චීන සමාගමට අමෙරිකානු ඩොලර් බිලියන 6ක පමණ පාඩුවක් සිදුවිය හැකි බව එම සමාගම පවසා ඇත. චීනය සමඟ හටගත් අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් චීන සමාගම්වලට අයත් අන්තර්ජාල යෙදවුම් 60කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාව තුළ … read more

ජේඩ් පතලේ මියගිය ගණන 160ක්

මියන්මාරයේ ජේඩ් පතලක් නායගොස් සිදු වූ අනතුරින් පුද්ගලයන් 160 දෙනෙක් මියගොස් තිබේ. අනතුරින් තවත් 54 දෙනෙකුට තුවාල සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. අධික වර්ෂාවත් සමග මියන්මාරයේ උතුරුදිග ප්‍රදේශයේ පිහිටි ජේඩ් පතලක් නායයෑමෙන් අනතුරක් සිදුවිය. අනතුර සිදුවූ අවස්ථාව කැමරාවක … read more

බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් අලි මරණ

බොට්ස්වානා රාජ්‍යයේ අලින් සිය ගණනක් ගත වූ මාස දෙක තුළ අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා අලින් 350ක පමණ සංඛ්‍යාවක් මියගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස අලින් … read more

කරච්චි ප්‍රහාරයට ඉන්දියාව සැකයි – ඉම්රාන්

කරච්චි නුවර පිහිටි පාකිස්තාන කොටස් වෙළෙඳපොළ ට පසුගියදා එල්ල වූ ප්‍රහාරයට ඉන්දියාව සම්බන්ධ බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසයි. ඒ පිළිබඳ ව තමාට කිසිදු සැකයක් නොමැති බව පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසීය. පසුගිය සඳුදා තුවක්කුකරුවන් සිව් දෙනෙක් පාකිස්තාන කොටස් වෙළෙඳපොළ ට … read more

බ්‍රසීලයේ කොවිඩ් මරණ තවත් ඉහළ යයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විමෙන් ඊයේ (30) දිනය තුළ වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ බ්‍රසීලයෙන් බව වාර්තා වේ. ඊයේ දිනය තුළ පමණක් එරට කොරෝනා අසාදිතයින් 1271 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. බ්‍රසීලයේ මේ වනවිට මියගොස් ඇති සමස්ත කොරෝනා … read more

කොරෝනා පැරදු ලොව වයස්ගතම පුද්ගලයා ඉතියෝපියාවෙන්

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ ලොව වයස්ගතම පුද්ගලයා ඉතියෝපියාවෙන් වාර්තා වී තිබෙනවා. ඔහුගේ වයස අවුරුදු 114 ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහු ප‍්‍රතිකාර ලැබූ අඩිස් අබාබා රෝහලේ වෛද්‍යවරයෙකු සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප‍්‍රකාශ කර ඇත්තේ, මේ වනවිට … read more

මිරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වී තිබේ. ඊයේ (21) දිනයේ අවස්ථා දෙකක දී ගිනිකන්දේ පිපිරීම් සිදුව ඇති අතර ඉන් නිකුත් වූ අළු මීටර් 6000ක් පමණ ඉහළට පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගිනිකන්දේ පිපිරීම් සිදුවීමත් සමඟ ඒ අවට ප්‍රදේශයේ … read more

දේශ සිමා ගැටුමෙන් පසු පළමු වරට චීනයෙන් නිල නිවේදනයක්

ඉන්දිය හමුදාව හා සිය හමුදාව අතර ඉකුත් දා හටගත් ගැටුම් සම්බන්ධයෙන් චීනය ඊයේ පළමු වරට නිල වශයෙන් කරුණු දැක්වීමක් සිදුකර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ගැටුම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු වන ලිජියෑන් සා ඕ ට්විටර් සටහන් … read more