Close Menu
Lanka Focus News
    What's Hot

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොටුව දුම්රිය පොළ අලුත් කරන වැඩේ අරඹයි
    Featured

    කොටුව දුම්රිය පොළ අලුත් කරන වැඩේ අරඹයි

    By LFNApril 9, 2026No Comments2 Mins Read269 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අද දින (9) නිල වශයෙන් ආරම්භ විය.

    ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යපෘති කළමනාකරණ ඒකකයේ සැලසුම්කරණයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා යෝජකත්වයෙන් දුම්රිය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙම ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත ක්‍රමවේදයන්ට අනුගතව ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය කියයි.

    මේ යටතේ මගී ජනතාවට අවශ්‍ය විවිධ සේවාවන් සපයන නව තෙමහල් ගොඩනැගිල්ලත් ඉදි කිරීමට යෝජිතය. එම සේවා ගොඩනැගිල්ලේ නවාතැන් පහසුකම්, විවේකාගාර, ප්‍රමිතිගත භෝජනාගාර, සනීපාරක්ෂක පද්ධති, තොරතුරු මධ්‍යස්ථානයක්, ඖෂධහලක්, තැපැල් සේවා මධ්‍යස්ථානයක් ඇතුළු ජනතානවට දෛනිකව අවශ්‍ය සේවාවන් සිදුකරගත හැකි අංගවලින් යුක්ත වේ.

    දුම්රිය ස්ථානයේ අභ්‍යන්තරයේ ස්ථාපිතව පවතින ඉපැරණි මගී යකඩ ගුවන් පාලම් පද්ධතිය විදුලි සෝපාන සහ ස්වයංක්‍රීය තරප්පු පෙළ සහිතව නිර්මාණය කරන අතර, සියලුම දුම්රිය වේදිකාවන්ට ප්‍රවේශවිය හැකි පරිදි එම ගුවන් පාලම ඉදිකෙරේ.

    එහිදී එම මගී ගුවන් පාලම් එක් අන්තයක් කොම්පඤ්ඤවීදිය සහ ඩී. ආර්. විජේවර්ධන මාවත දෙසටත් අනෙක් අන්තය මරදාන සහ බැස්ටියන් මාවත දෙසටත් ප්‍රවේශ වියහැකි පරිදි සැළසුම් සහගතව ඉදිකෙරෙන අතර මෙම ව්‍යාපෘතියට ඩිජිටල් තාක්ෂණය සහිත e – gate පහසුකම ද මගී ජනතාව වෙනුවෙන් ලබාදීම ඇතුලත්වේ.

    මෙම නව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොදු මගී රථවාහන අංගනයක් ද සැලසුම් කර ඇති අතර, ත්‍රිරෝද රථ, කුළී රථ, පෞද්ගලික වාහන ආරක්ෂිතව නවතා තැබීමට අවශ්‍ය පහසුකම් සහිතව එය ඉදිකෙරේ.

    මෙම ව්‍යාපෘතිය මාස 15 ක කාලයක් ඇතුලත නිම කිරීමට අපේක්ෂිත අතර, ඒ සදහා වැයවන වියදම රුපියල් මිලියන 2,162 කි.

    එම පිරිවැය මුදලින් රුපියල් මිලියන 1,500 ක් ආසියානු සංවර්ධන බැංකු ණය වශයෙන් ලබාගන්නා අතර, ඉතිරි රුපියල් මිලියන 662 ශ්‍රී ලංකා රජයේ අරමුදල් ලෙස යොදාගැනෙනු ඇත.

    වැඩ ඇරඹීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,ප්‍රවාහන මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 202603 Views

    2027 වසරේ සිට 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන…

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් කොටුවෙයි

    October 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 4, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.